Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාවික හමුදාවෙන් කප්පම් ගන්න පැහැරගත්තු මගෙ දරුවා තාමත් නැහැ… – ජෙනිෆර් වීරසිංහ

නාවික හමුදාවෙන් කප්පම් ගන්න පැහැරගත්තු මගෙ දරුවා තාමත් නැහැ… - ජෙනිෆර් වීරසිංහ

නාවික හමුදාවෙන් කප්පම් ගන්න පැහැරගත්තු මගෙ දරුවා තාමත් නැහැ… - ජෙනිෆර් වීරසිංහ

“මගේ දරුවා පැහැරගෙන දැනට අවුරුදු 13ක් වෙන්න යනවා. අවුරුදු 24ක මගේ පුතා අරගෙන ගියේ තව හතරදෙනෙක් එක්ක. නාවික හමුදාවෙන් අරන් ගියේ කප්පම් ගන්න. දැන් ඒකට නඩුවකුත් යනවා. ඒ යන අතරේ ජනාධිපති කොමිෂන් එකක් පත්කළා. ඒ කොමිසමෙන් කියනවා, මේක දේශපාලන පළිගැනීමක් කියලා” යැයි අතුරුදහන් තරුණයන් 11ස් දෙනොගෙන් එක් තරුණයෙකුගේ මවක් වන ජෙනිෆර් වීරසිංහ සඳහන් කරයි.

“මේ නඩුව තිබුණෙ 2009 ඉඳලා. එතකොට මේක දේශපාලන පළිගැනීමක් කියලා කියන්නෙ කෙහොමද? මේ රජයමයි තිබුණෙ. 2009 ඉඳලා මේ නඩුව ගෙනිච්චෙ සාක්ෂි ඇතුවයි. සම්පත් මුණසිංහ කියන නාවික හමුදා නිලධාරියාගෙ කැබින් එකේ තිබිලා තමයි ළමයි පස් දෙනෙක්ගෙ පාස්පෝට් 05යි, ප්‍රොමිසස් නොට්ටු, බැංකු පොත්, සිම් කාඩ්, අයිඩෙන්ටි කාඩ් ඔක්කොම හම්බු වුණේ. පැමිණිලි කෙරුවෙත් කරන්නාගොඩ මහත්තයාම තමයි. බඩු හොයාගත්තෙ නාවික හමුදාව ඇතුළෙ තිබුණු කැබින් එකකින්. සම්පත් මුණසිංහ අවුරුද්දක් අත්අඩංගුවෙ තියා ගත්තා. සීඅයිඩී එකෙන් ප්‍රශ්න කරලා, ඇප මත තමයි නිදහස් වුණේ. ඊට පස්සෙ තමයි අපි හැම දෙයක්ම දැනගත්තෙ.

එච්චර සාක්ෂි තියෙද්දි මේක දේශපාලන පළිගැනීමක් කියලා මෙයාලා කියන්නෙ කොහොමද? කමිෂන් දැම්මට ප්‍රශ්නයක් නැහැ. අපිනෙ වින්දිතයන්. එයාලට අපිටත් කතා කරන්න තිබුණා. හොරා ගිහින් කියනවද මම හොරා කියලා. මම එයාගෙ ළමයාව උස්සගෙන ගියා කියන්නෙ නෑනෙ. එයාලම කරලා එයාලම ගිහින් කියනවා මට දේශපාලන පළිගැනීම් කියලා. ඒකෙන් නිදහස් වෙන්න හදනවා. දේශපාලන පළිගැනීම් කොමිෂන් එකේ හැම දෙයක්ම කියලා බේරෙන්නෙ හදනවා.

මගේ දරුවා මං ඉල්ලන්නෙ එක අතකින් එයාට මොන දේ කළත් අංගවිකල කරලා හරි, මන්ද බුද්ධික කරලා හරි, කිසිම දෙයක් කරගන්න බැරි දරුවෙක් වුණත් හරි මට ආපහු දෙන්න. මම වීඩියෝ එක බලන හැම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නෙ මම අම්ම කෙනෙක් විදියට සමාව දෙනවා. එහෙම නැත්නම් මේකට සම්බන්ධ වෙච්ච හැම කෙනාටම මම සාප කරනවා.”

උපුටා ගැනීම – හෙඩ්ලයින් නිවුස්

Exit mobile version