Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තුනෙන් දෙකක් ලැබුණු ආණ්ඩුව ඇනගත්තා – මොහොමඩ් අලි සබ්‍රි

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ - අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ - අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක බලයක් ලබාගත් සෑම ආණ්ඩුවක්ම බැලූ බැල්මටම අසාර්ථක වුණු බවත් වත්මන් ආණ්ඩුවද එම යතාර්ථය අවබෝධ කරගතයුතුව ඇති බවත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් පවාසා තිබේ.

“මම හිතන්නේ ඔය ජනාධිපති ක්‍රමයද අගමැති ක්‍රමයද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. එය පුද්ගලයා සතුව තියෙන්නෙ. මොකද තුනෙන් දෙක ගත්ත හැම රජයක්ම බැලු බැල්මටම ඇනගත්තානේ… අපිත් ඒක දැනගන්න එපැයි. දැන් 1977 ආපු අය පළවෙනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන්ම පැරදිලා ගියා, දැන් අවුරුදු 30කින් එක්සත් ජාතික පක්ෂයට අවස්ථාවක් නැහැ.

බයක් නෙවෙයි, මේක තමයි යතාර්ථය. තුනෙන් දෙක ලැබුණු පමණින් ප්‍රශ්නවලට විසඳුම් එන්නෙ නැහැ. ප්‍රශ්නවලට විසඳුම් දෙන්න නම් ඒකට වැඩකරන්න ඕනෙ. ස්ථානගතව, තාර්කිකව, සැලැස්මක් ඇතුව වැඩකරන්න ඕනෙ. 77 ජේ. ආර්. ජයවර්ධන ඇවිල්ලා එයා හිතුවා ජීවිතේට ඉන් ඉස්සරහට එක්සත් ජාතික පක්ෂය කවදාවත් පරාජය කරන්න බැහැ කියලා තමයි සමානුපාතික ක්‍රමය ගෙනාවෙ. නමුත් අන්තිමෙදි සමානුපාතික ක්‍රමය එතුමන්ලාටම විරුද්ධව ක්‍රියාත්මක වෙලා අද එජාපය නැතිවෙන තත්වයට ඇවිල්ලා තියෙනවා.

2010 අපටත් හම්බුණා තුනෙන් දෙකේ බලයක්. 1970ත් එහෙමයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියටත් තුනෙන් දෙකටත් වැඩිය හම්බුණා.

අවසාන වශයෙන් ජනතාවට මුහුණ දෙන්න ඕනෑ. ඒ අවුරුදු පහ ඔබට ලබාදීලා තියෙනවා, නිවැරදිව කළමනාකරණය කරගත්තොත් ජනතාව ඔබව ඔසවා තබයි, නැත්නම් ගෙදර යවයි. අපි හැමෝටම පොදුයි ඒක.” යනුවෙන් ඔහු සඳහන් කරයි.

Exit mobile version