Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, පළුගස්වැව ප්‍රදේශයේදි (05) ආරම්භ කෙරේ.

මහවැලි සැලැස්මේ අවසන් අදියර ලෙසින් ආරම්භ වන මේ ව්‍යාපෘතිය මඟින් උතුරු මැද, උතුර සහ නැඟෙනහිර පළාත් ජනතාවගේ ජල අවශ්‍යතාවන් ඉටු කරයි. උතුරු මැද පළාත් මහ ඇළෙහි සංවර්ධන කටයුතු සියල්ලම පරිසර හිතකාමී ක්‍රියාවලියක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ කිලෝ මීටර් 28ක් දිග වාරි උමඟක් මඟිනි. මෙමඟින් ප්‍රධාන වශයෙන් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දහතුනක (13) ජනතාවට ප්‍රතිලාභ සැලසේ. කුඩා වැව් 1,200 කින් යුත් එල්ලංගා පද්ධති 130කට ජලය සැපයීම තුළින් හෙක්ටයාර හතළිස් තුන්දහසක් (43,000) පෝෂණය කිරීමට නියමිතයි.

මීට අමතරව ප්‍රදේශයේ මිලියන 1. 5ක් පමණ ජනතාවගේ පානීය හා කර්මාන්ත සංවර්ධන කටයුතු සඳහා ජල අවශ්‍යතා ඉටු කිරීමට යෝජිතය. මේ ව්‍යාපෘතිය අවුරුදු 10ක් තුළ පියවර 3කින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 200කට අධිකය. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

Exit mobile version