Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විල්පත්තුව සම්බන්ධ තීන්දුවට එරෙහිව රිෂාඩ්ගෙන් අභියාචනා

රිෂාඩ් බදියුදීන්

රිෂාඩ් බදියුදීන්

විල්පත්තු රක්ෂිත ජාතික වනෝද්‍යානය අයත් ප්‍රදේශයේ කැලෑව එළි පෙහෙලි කර ගස් කපා දැමිම සම්බන්යෙන් හිටපු ඇමති වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වගකිව යුතු බව අභියාචනාධීකරණය තීන්දු කර තිබුණි.

මෙයට විරුද්ධව රිෂාද් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනාවක් ගොනු කර ඇත. විනාශ කරන ලද කැලෑ කොටස නැවත ඇති කිරීම සඳහා ඔහු එම ප්‍රදේශයේ තම වියදමින් ගස් සිටුවිය යුතු බවට අධිකරණය තීන්දු කළ අතර එම තීන්දුව නීති වීරෝධී බවත් එම තීන්දුව ශුන්‍ය කරන ලෙසටත් ඉල්ලමින් මෙම අභියාචනය ඉල්ලුම් කර ඇත.

මෙම අභියාචනයේදී 8 දෙනෙක්ව ප්‍රතිවාදීන් ලෙස නම් කර ඇත. ඒ අනුව පරිසර යුක්තිය සඳහා වන කේන්ද්‍රය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර ආරක්ෂක අධිකාරිය, වන ජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, පරිසර ඇමති සහ නිතිපති යන 8 දෙනා ප්‍රතිවාදීන් ලෙස නම් කර ඇත.

නඩු විභාගයට භාජනය වූ කාලය තුළ තමා නිවාස ඇමති ලෙස හෝ වන ආරක්ෂක ඇමති ලෙස නොසිටි බවත් තමන් කැලැ පෙහෙලි කිරීම් සහ නැවත පදිංචි කිරීම් අදාල ප්‍රදේශයන්හි නීති විරෝධීව සිදු නොකළ බවත් එලෙස තමා ක්‍රියා කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් එබැවින් එම නඩු තීන්දුව ශුන්‍ය කරන ලෙසත් ඉල්ලමින් මෙම අභියාචනය ඉල්ලුම් කර ඇත.

Exit mobile version