යාපන දිස්ත්රික්කයේ එළුදුමට්ටුවාල් ආසෙයිපිල්ලෙයි නැමැති ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකින් බර වාහනයක් ගමන් කිරීමට උත්සාහ කර තිබේ.
දුම්රිය හරස් මාර්ගයෙහි සංඥා ශබ්දය සහ විදුලි ආලෝකය ක්රියාත්මක වී තිබියදීත් ඒ ගැන නොසලකා දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ සීඝ්රගාමී දුම්රියක් ඒමට නියමිතව තිබිණි.
වහාම හරස් මාර්ගය පසු කිරීමට උත්සාහ කළ බර වාහනය ක්රියා විරහිත වී හරස් මාර්ගය මැද නතර වී තිබේ.
මේ අවස්ථාවේදී එහි සිටි ඇතැම් තරුණයින් දුම්රිය ළඟා වීමට පෙර බර වාහනය හරස් මාර්ගයෙන් ඉවතට තල්ලු කිරීමට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක විය.
දුම්රිය ළඟා වන බව අවධානය කළ තරුණයෝ වහාම ඔවුන්ගේ උඩු ඇඳුම ගලවා දුම්රිය නතර කරන ලෙස සංඥා කර ඇත.
නමුත් සීඝ්රගාමී දුම්රියක් වන නිසා වේගය පාලනය කිරීමට ප්රමාද විය. කෙසේ වෙතත් එහි A9 මාර්ගයේ ගමන් කරමින් සිටි හමුදා සෙබළුන් වහාම සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ වාහනය දුම්රිය හරස් මාර්ගයෙන් ඉවතට තල්ලු කළහ.