Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ෆයිසර් එන්නත ගේන්න ලැස්තිවුණත් පුද්ගලික අංශයට අවසර නෑ

බූස්ටර් එන්නත ලබාගැනීමට බියවිය යුතු ද?

බූස්ටර් එන්නත ලබාගැනීමට බියවිය යුතු ද?

මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීම හෝ අලෙවි කිරීමට පුද්ගලික අංශයට අවසර ලබා නොදෙන බව ජනාධිපති උපදේශක හා කොවිඩ් එන්නත් සම්බන්ධ මෙහෙයුම් ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසා තිබේ.

දැනට ඉන්දියාවෙන් ගෙන්වා ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලංකාවේ රජයේ රෝහල්වල ගබඩා පහසුකමට ගැළපෙන උස්ණත්වයක පවතින නමුත් ඇමරිකාවේ ප්‍රකට එන්නතක් වන ෆයිසර් සමාගමේ එන්නත ලංකාවේ රජයේ රෝහල්වල ගබඩා කිරීමේ අපහසුතා පවති. කෙසේ වෙතත්
ඇතැම් පුද්ගලික රෝහල් ගබඩා පහසුකම් පවතින බව පවසමින් එන්නත් ගෙන්වීමට හෝ රජයෙන් මිලදී ගෙන අලවි කිරීමට ද ඉල්ලුම් කර තිබුණත් ඊට මෙතෙක් අවසර හිමිව නැත.

තවත් සමාගම් එම එන්නත් ගෙන්වීමට අවසර අපේක්ෂා කර තිබුණේ තම කාර්ය මණ්ඩල සඳහා බවද වාර්තා විය. ලලිත් වීරතුංග මහතා පවසා ඇත්තේ කොරෝනා එන්නත් ගෙන්වීම හා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම රජයේ පාලනය මත සිදුකිරීමට නියමිත බවකි.

Exit mobile version