Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජගිරිය හරහා පෑලියගොඩ සිට අතුරුගිරියට කණු මත ඉදිවෙන අධිවේගී මාර්ගයක්

රාජගිරිය හරහා පෑලියගොඩ සිට අතුරුගිරියට කණු මත ඉදිවෙන අධිවේගී මාර්ගයක්

රාජගිරිය හරහා පෑලියගොඩ සිට අතුරුගිරියට කණු මත ඉදිවෙන අධිවේගී මාර්ගයක්

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

නව කැලණි පාලමේ සිට රාජගිරිය ඔස්සේ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදිකරන අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබූ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ දැනට ඉදිවෙමින් පවතින කණු මත ඉදිකරනු ලබන වරාය ප්‍රවේශ අධිවේගි මාර්ගය ඔස්සේ මෙම නව අධිවේගි මාර්ගය ඉදි කිරීමට සැලසුම් කර ඇත.

කණු මත ඉදි කිරීමට සැලසුම් කර ඇති නව අධිවේගි මාර්ගය පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ශක්‍යතා අධ්‍යනයක් සිදු කර ඇති අතර. ඒ අනුව මාර්ගය ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ පදනම මත 100%ක විදේශ අරමුදල් සහිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Exit mobile version