Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාවණා පාලමේ(ආදාම්ගේ පාලම) ඇත්ත තතු සොයා බැලීමට ඉන්දීය රජය අනුමැතිය ලබා දෙයි

රාවණා පාලමේ - ආදම්ගේ පාලම

රාවණා පාලමේ - ආදම්ගේ පාලම

ඉන්දියාව සහ ලංකාව යාකරන කි.මී.48 ක් දිග රාවණා පාලම(ආදාම්ගේ පාලම) පිළිබඳව වන තොරතුරු සොයා බැලීම අරමුණු කර ගෙන පර්යේෂණයකට ඉන්දීය රජය අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ තලෛමන්නාරමේ සිට තමිල්නාඩුවේ රාමේශ්වරම දක්වා මෙම පාලම පිහිටා ඇත. හුණුගල් සහ වැලි දූපත් සමූහයකින් බිහි වී ඇති මෙම පාලම හා බැඳුනු පුරාවෘත්තයන් බොහෝමයක් පවතී.
රාමායණ පුරාවෘත්තයට අනුව හනුමා (වානර දෙවියා), ශ්‍රී ලංකාවේ රජ කළ රාවණා විසින් පැහැර ගෙන ආ සීතා දේවිය මුදා ගැනීමට පැමිණියේ මෙම පාලම ඔස්සේ ය. ඒ සඳහා හනුමා මෙම පාලම ගොඩනැගූ බවද කියවේ. මෙනිසා හින්දු භක්තිකයන් මෙය පූජනීයත්වයෙන් සලකති.

හින්දු භක්තිකයන්ගේ ආගමික අනන්‍යතාවයක් ලෙස සලකන මෙම පාලම රාටේ ජාතික සලකුණක් වශයෙන් නම් කරන ලෙස ඉල්ලමින් ඉන්දියාවේ ඉහළ අධිනකරණයේ නඩුවක් 2015 දී ගොනු කර තිබුණි. මෙම තත්වය මත රාවණා පාලමේ බිහිවීම පිළිබඳ වන තතු සොයා බැලීමට පුරාවිද්‍ය පර්යේෂණ සිදුකිරීමට එරට පුරාවිද්‍යා පිළිබඳවන මධ්‍යම උපදේශන සභාව විසින් ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත.

-වීරකේසරි

Exit mobile version