Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කන්දකාඩුවේ මත්කුඩු පිරවූ ටෙනිස් බෝල පියාඹයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය 667දෙනා දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය 667දෙනා දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරට

බන්ධනාගාර කිහිපයක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් රඳවා සිටින වැලිකන්ද කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට මත්ද්‍රව්‍ය පිරවූ ටෙනිස්බෝල දෙකක් විසිකර තිබියදි සොයාගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන්ගේ භාවිතය සදහා මෙලෙස මත්ද්‍රව්‍ය පිරවු ටෙනිස් බෝල විසිකරන්නට ඇති බවට සැක පළකරන බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා අප කළ විමසිමක දී සදහන් කළේය.

එම ටෙනිස් බෝල තුළ හෙරොයින් සහ ගංජා තිබී සොයාගත් බවත් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ වැලිකඩ, මිගමුව, බූස්ස ඇතුළු විවිධ බන්ධනාගාර වල සිටියදි කොරොනා ආසාදනය වු පිරිමි රැඳවියන් 130 කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටී.

Exit mobile version