Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නගර සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවයි

නගර සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවයි

නගර සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවයි

ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභා සභාපතිවරුන්ගේ සේවය තාවකාලිකව අත්අහිටුවමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ධර්මකීර්ති මහතාට සහ බලංගොඩ නගර සභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාස තුනක කාලයක් ඇතුලත විමර්ශයක් සිදුකිරීමට අධිකරණ නිලධාරී, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර මහතා පත්කර කිරීමට සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත.

පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ඇඹිලිපිටිය නගර සභා සභාපතිවරයාගේ කාර්යයන් හා බලතල ක්‍රියාත්මක කිරීමට එම නගර සභාවේ උප සභාපති දිනේෂ් මධුසංක මහතාට නියෝග කර තිබේ.

මේ අතර, තාවකාලිකව සේවය අත්හිටුවා ඇති බලංගොඩ නගර සභාවේ සභාපතිවරයාගේ කාර්යන් සහ බලතල ක්‍රියාත්මක කිරීමට එම නගර සභාවේ උප සභාපති තාහීර් මොහොමඩ් රූම් මහතාට නියෝග කිරීමට කර ඇත.

Exit mobile version