Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ග්‍රාහකයන්ට තම දුරකතන අංක වෙනත් ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව (Number Portability) පිළිබඳව මහජන මත විමසුමක්

ග්‍රාහකයන්ට තම දුරකතන අංක වෙනත් ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව (Number Portability) පිළිබඳව නියාමන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජන මත විමසුමක්

ග්‍රාහකයන්ට තම දුරකතන අංක වෙනත් ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව (Number Portability) පිළිබඳව නියාමන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජන මත විමසුමක්

තම දුරකතන අංක ග්‍රාහකයන්ට වෙනත් ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව ඇති කිරීම (Number Portability) පිළිබඳව ගත් තීරණය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඊට අදාළව මහජන අදහස් විමසීමේ පත්‍රිකාවක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.trc.gov.lk තුළ පළ කර ඇත.

මේ පිළිබඳ මහජන අදහස් 2021 පෙබරවාරි 12 දින හෝ ඊට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත තැපැල් මගින් හෝ nw@trc.gov.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ යොමු කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජංගම දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව පවතින අංකය ම භාවිත කරමින් වෙනත් සමාගමක සබඳතාව ලබා ගැනීමේ පහසුකම සැලසීම සඳහා වන මූලික ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා මව්බිම වෙබ් අඩවියට පැවසුවේ, ජංගම දුරකතන සේවා සමාගම් අතර තරගකාරීත්වය වැඩි කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවය.

මෙය Number Portability යනුවෙන් හැඳින්වේ.

මෙහිදී, තමන් භාවිත කරන දුරකතන සබඳතාව වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් තමන්ගේ පවතින දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව අවශ්‍ය සමාගමකින් සබඳතා ලබා ගත හැකි වනු ඇත.

ඒ අනුව, ඒ ඒ ජංගම දුරකතන සබඳතා සඳහා මේ වන විට භාවිත වන අංකන ක්‍රම (උදා: 071, 077, 072, 075) පොදු අංක බවට පත් වන බවත් ඒවා ඕනෑ ම සබඳතාවක් සඳහා භාවිත කළ හැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවලදී ජංගම දුරකතන සේවා සමාගම් මේ සඳහා කැමැත්ත පළ කළ බව ද ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේ සම්බන්ධයෙන් මහජන මත විමසුමක් ද කිරීමට අපේක්ෂා කරන අතර මෙය සම්පූර්ණයෙන් ස්ථාපනය කිරීම සඳහා ගත වන කාලය නිශ්චිත වශයෙන් කිව නොහැකි බවය.

Exit mobile version