Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වධ හිංසාවට ලක්වී මිය ගිය මඩකලපු දැරිය – විධිමත් පරීක්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක්

වධ හිංසාවට ලක්වී මිය ගිය මඩකලපු දැරිය - විධිමත් පරීක්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක්

වධ හිංසාවට ලක්වී මිය ගිය මඩකලපු දැරිය - විධිමත් පරීක්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක්

11 හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුත්තන් අත් අඩංගුවට ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් ඉල්ලා මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවාන්චිකුඩි පොලිස් වසමට අයත් පෙරියකල්ලාරු ප්‍රදේශයේ වැසියන් ප්‍රධාන මාර්ගයෙහි උද්ඝෝෂණයක නියැලුනහ.

තද වර්ෂාව මැද ඔවුන් මඩකලපුව – කල්මුණේ ප්‍රධාන පාර අවහිර කරමින් දැරියගේ මරණය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලන ලෙස ඉල්ලමින් බැනර් සහ බෝඩ් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නියැලුනහ.

එහිදී කලවාන්චිකුඩි පොලිස් ස්ථානාධිපතිතුමා එම ස්ථානයට පැමිණ රැස්ව සිටි ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කර මරණයට වග කිවයුත්තන් පැය 48 ක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොරොන්දු වීමෙන් පසුව උද්ඝෝෂකයින් විසිර ගොස් ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවාන්චිකුඩි පොලිස් වසමට අයත් පෙරියකල්ලාරු ප්‍රදේශයේ පිහිටි දැරියගේ කුඩම්මාගේ නිවසින් ඇයගේ මළ සිරුර සොයාගෙන ඇත. දැරිය පහර කෑමට ලක්වී ඇති බවට ලැබූ පැමිණිල්ලකට අනුව පසුගිය සිකුරාදා ග්‍රාම නිලධාරී විසින් ඇයව බේරා ගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. සෙනසුරාදා දින කුඩම්මා විසින් දැරිය රෝහලෙන් එක්කරගෙන ගිය බව කියවේ.

දැරියට වධහිංසා පැමිණවීම පිළිබඳව පොලිසියට හා ළමාරක්ෂක ඒකකයට දන්වා ඇති අතර බේරාගත් දැරිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා නොමැති බව ප්‍රදේශවාසීන් චෝදනා කරති. දැරිය දීර්ඝ කාලයක් තිස්සේ හිරිහැරයට ලක්ව ඇති නමුත් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නොමැති බව ප්‍රදේශවාසීන් පැවසූහ.


-තමිළ්වින්

Exit mobile version