Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජපානය ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 11ක වැසියන්ට ඇතුළුවීම තහනම් කරයි

ජපානය ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 11ක වැසියන්ට ඇතුළුවීම තහනම් කරයි

ජපානය ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 11ක වැසියන්ට ඇතුළුවීම තහනම් කරයි

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම (14) සිට තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කරමින් ජපන් රජය මෙම තහනම පනවා ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව,මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ද ජපානයට ඇතුළු වීම තහනම් කරනු ලැබ ඇත. කෙසේ වුවද ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ නොවන බව ද කියැවේ.

ජපානයේ කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 03කට පමණ ආසන්න වී ඇති අතර 4,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කෙරුණි.

Exit mobile version