Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තව අවුරුදු 15කින් ශ්‍රී ලංකාව පානීය ජල අර්බුදයකට ලක්වේද? – හෙළි වූ හදිසි ආරංචිය

පානීය ජල ගැටලු දැනුම්දෙන්න අංකයක්

පානීය ජල ගැටලු දැනුම්දෙන්න අංකයක්

වැසිකිළි අපද්‍රව්‍ය භූගත ජලය හා එක්වීමට කඩිනම් පියවරක් නොගතහොත් වසර 15 කට පසු පානීය ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවේ යැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

වැසිකිළිවලින් පිටවන අපද්‍රව්‍ය 90% ක් භූගත ජලය හා මිශ්‍ර වී ඇති හෙයින් දැඩි බලපෑමකට ලක් විය හැකි බව ද එහෙයින් ඒ සඳහා විසඳුමක් ලබා දීම සඳහා ඉදිරියේදී ක්‍රියා කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

අපද්‍රව්‍ය ඝෘජුව ජලය හා මිශ්‍ර වීමෙන් භූගත ජලයෙහි ගුණාත්මකභාවය හා එහි තත්ත්වය බලපෑමකට ලක් වී ඇති බව සඳහන් කළ ඔහු ඒ සඳහා හැකි ඉක්මනින් පියවර ගැනීමට අවශ්‍ය බවත් ප්‍රකාශ කළේය.

ඒ සඳහා කඩිනම් පියවර නොගතහොත් දැඩි පානීය ජල ගැටළුවකට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික වැසිකිළි අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනකට සහභාගී වී සභාව අමතා ඔහු මේ බව පැවසීය.

Exit mobile version