Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෞදි-කටාර් විරසකය අවසන්, පැනවූ සම්බාධක ඉවත් කරයි: ගුවන්, දේශ සීමා විවෘත කරයි

සෞදි-කටාර් විරසකය අවසන්, පැනවූ සම්බාධක ඉවත් කරයි: ගුවන්, දේශ සීමා විවෘත කරයි

සෞදි-කටාර් විරසකය අවසන්, පැනවූ සම්බාධක ඉවත් කරයි: ගුවන්, දේශ සීමා විවෘත කරයි

සෞදිය අනුගමනය කරමින්, කටාර් රාජ්‍යයට පැනැවූ සියලු සම්බාධක ඉවත් කරමින්, සියලුම සබඳතා යළි ස්ථාපිත කිරීමට බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පෙරේදා(6) පියවර ගත්තේය.

මීට වසර පහකට පෙර, සෞදිය, කටාර් රාජ්‍යය සමඟ අමනාප විය. ඊට ප්‍රධානතම හේතුව වූයේ, කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය සහ උඩගෙඩි දෙනවා යන චෝදනාවය.

කටාර් රාජ්‍යය ඉරානය සමඟ සමීප සබඳතා පැවැත්වීම සෞදියේ උදහසට හේතුවක් විය. එම අවස්ථාවේදී, සෞදියට සහාය දක්වමින් සෞදිය අනුගමනය කරමින්, ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය ද කටාර් රාජ්‍යය සමඟ සබඳතා සියල්ල නවතා දැම්මේය. කටාර් සෞදියේ අසල්වැසියාය. කටාර් රාජ්‍ය්‍ය සමඟ සබඳතා යළි ආරම්භ කිරීමට, සෞදිය තීරණය කරමින්, කටාරය සමඟ වසා දමා තිබුණු ගොඩබිම්, මුහුදු සහ ගුවන් දේශසීමා යළි විවෘත කෙරුණි.

සෞදිය, කටාරය ඇතුළු මෙම රටවල් අයත් වන්නේ, ගල්ෆ් කලාපීය රටවල් අතරටය. ගල්ෆ් රටවල සහයෝගීතා මණ්ඩල සැසිය පෙරේදා (5) සෞදියේ රියාද් නුවරදී ආරම්භ වුණු අතර, ඊට කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ද සහභාගී විය. ඒ, සෞදි රජයේ ආරාධනාව අනුවය.

සෞදිය අනුගමනය කරමින් තමන් ද කටාර් රාජ්‍යය සමඟ යළි සියලුම සබඳතා ආරම්භ කරනවා යැයි ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය තහවුරු කළේ ගල්ෆ් සහයෝගීතා සමුළුවේදීය.

Exit mobile version