Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළාත් සභා ශක්තිමත් කළ යුතු බව ඉන්දීය විදේශ ඇමති ලංකාවේ ආණ්ඩුවට කියයි

පළාත් සභා ශක්තිමත් කළ යුතු බව ඉන්දීය විදේශ ඇමති ලංකාවේ ආණ්ඩුවට කියයි

පළාත් සභා ශක්තිමත් කළ යුතු බව ඉන්දීය විදේශ ඇමති ලංකාවේ ආණ්ඩුවට කියයි

ශ්‍රී ලංකාවේ වාසය කරන දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු වන පරිදි, සංහිඳියා ක්‍රියාවලියේ කොටසක් වන බලය බෙදාහැරීම ඉදිරියටත් ශක්තිමත් කළයුතු බව ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජායිශංකර් අවධාරණය කරයි. ඔහු මේ බව පැවසූයේ ශ්‍රී ලංකාවේ පවත්වන තෙදින නිල සංචාරය අතරතුර මෙරට විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සමග කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

ඉන්දීය විදේශ ඇමැතිවරයා මෙහිදී පසුගිය සැප්තැම්බර් මාසයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනා අතර පැවති සාකච්ඡාව පිළිබඳවද සඳහන් කර තිබේ. 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කර පළාත් සභාවලට උපරිම බලතල පැවරීම පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබේ.

2021 සඳහා ඉන්දීය විදේශ ඇමතිවරයාගේ පළමු විදෙස් නිල සංචාරය මෙයයි. පසුගිය නොවැම්බර් මාසයේදීද ඉන්දියාවේ ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් ශ්‍රී ලංකාවට පැමිණියේය.

Exit mobile version