Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සේනා දළඹුවන් විනාස කරපු බඩඉරිඟු වගාවන් සඳහා වන්දි ඉල්ලා විරෝධතාවයක්, මඬින්න රුවන්ඩාවෙන් විද්වත් පිරිසක්

සේනා දළඹුවන් හේතුවෙන් විනාස වූ බඩඉරිඟු වගාවන් සඳහා වන්දි ලබා දෙන ලෙස නිහඬ විරෝධතාවයක්,එ අතර සේනා මඬින්න රුවන්ඩාවෙන් විද්වත් පිරිසක්

සේනා දළඹුවන් හේතුවෙන් විනාස වූ බඩඉරිඟු වගාවන් සඳහා වන්දි ලබා දෙන ලෙස නිහඬ විරෝධතාවයක්,එ අතර සේනා මඬින්න රුවන්ඩාවෙන් විද්වත් පිරිසක්

සේනා දළඹුවන් හේතුවෙන් විනාස වූ බඩඉරිඟු වගාවන් සඳහා වන්දි ලබා දෙන ලෙස බලකරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අම්පාර නගරයේදී නිහඬ විරෝධතාවය නිරත වී තිබේ.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට (31) දින පැවති මෙම නිහඬ විරෝධතාවය සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුනාරත්න මහතා හා එම සංවිධානයේ අම්පාර දිස්ත්‍රික් කැඳවුම්කරු වසන්ත පියතිස්ස යන අය සමඟ වගා හානියට පත් ගොවීන් රැසක් එක්විය.

විරෝධතාවයට එක්වූවන් පවසන්නේ සේනා දළඹුවන් නිසා පසුගිය වසරේදීද සිය බඩඉරිඟු වගාවන් විනාශ වූ බවයි. ඒ පිළිබඳ සිදුකළ විරෝධතාවයන් නිසා ගොවීන්ට වන්දි ලබා දීමට එකඟ වූ බවත් එලෙස ගෙවිය යුතු කොටි 33 වන්දි මුදල් හා මෙවර සිදුව ඇති හානියට සහන ලබා දෙන ලෙසද ඔවුන් නිහඬ විරෝධතා පවත්වමින් ඉල්ලා සිටී.

මේ අතර බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතර පැතිර යන සේනා දළඹුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්ඩාවේ ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 6 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඊයේ (01) මේ පිරිස අනුරාධපුරයට පැමිණ ගොවීන් මුණ ගැසී අර්බුදය විසඳන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා මිරිසවැටිය විහාරාධිකාරී ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මේ පිරිසට මෙරටට ආරාධනා කර තිබේ.

එම රටේ බ්‍රිගේඩියර් ජෙනරාල්වරයකු වන ෆ්‍රෙඩ් මුසිරගුහාරාරා මහතා සමඟ එරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් වන ඇලෙක්සිස් රුසාගාරා සහ ජේන් මාරී වියානී උසුමුගුරා මහතුන් ඇතුළු හය දෙනකුගෙන් යුත් කණ්ඩායම මිරිසවැටිය විහාරස්ථානයේදී මහත් හරසරින් පිළිගනු ලැබිණි.

මෙතෙක් භාවිත කළ සෑම කෘමිනාශක වර්ගයකටම හැකි වූයේ සතියක් වැනි කාලයකට පමණක් දළඹුවා මර්දනය කිරීමට බවත් තුන්වතාවක් කෘමිනාශක යෙදූවත් ඵලක් නොවූ බවත් එහිදී ගොවීහු පර්යේෂණ කණ්ඩායමට පෙන්වා දුන්හ.

Exit mobile version