Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සේවක අර්ථසාධක අරමුදලේ කෝටි 1,200ක් ගෙවීම් පැහැර හැරලා : නඩු 16,000ක් පවරලා – කම්කරු ඇමැති

සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහැර හැරීම් කෝටි 1,200ක්, පවරා ඇති නඩු 16,000ක් - කම්කරු ඇමැති

සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහැර හැරීම් කෝටි 1,200ක්, පවරා ඇති නඩු 16,000ක් - කම්කරු ඇමැති

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් රුපියල් කෝටි 1,200ක මුදලක් මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලෙසින් අය විය යුතුව තිබෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා (31) ප්‍රකාශ කළේය. 2020 ජනවාරි මස 01 වැනිදා වන විට සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් නඩු 11,549ක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට එරෙහිව පවරා ඇති බවත් අක්‍රීය නඩු ද ඇතුළත්ව මේ වන විට පවරා ඇති සම්පූර්ණ නඩු සංඛ්‍යාව 16,000ක් වන බවත් ඇමැතිවරයා පැවසීය.

දිගින් දිගටම දායක මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමුව ඇති බව පැවසූ ඇමැතිවරයා දායක මුදල් ගෙවීම පැහැර හරින හාම්පුතුන්ට එරෙහිව මේ වසරේදී දැඩිව නීති ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කළේය.

මේ මුදල් කඩිනමින් අය කර ගැනීම සඳහා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් අර්ථසාධක ගෙවීම් පැහැර හැරීමේ නඩු කම්කරු විනිශ්චය සභා වෙත යොමු කොට කඩිනමින් එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසීය.

කෙසේ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ආයතනවලට හිඟ මුදල් ගෙවීම සඳහා යම් කිසි සහන කාල පරිච්ඡේදයක් ලබාදීමටද කම්කරු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Exit mobile version