Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව දූපතක් වීමේ වාසිය කොවිඩ් පාලනයට නොගැනීම අපරාධයක් – අනුර කුමාර දිසානායක

"ජනාධිපතිතුමා මාධ්‍යට උගන්වන්න හදන පාඩම අලුත් එකක් නොවන බව අපි දන්නවා" - අනුර දිසානායක

"ජනාධිපතිතුමා මාධ්‍යට උගන්වන්න හදන පාඩම අලුත් එකක් නොවන බව අපි දන්නවා" - අනුර දිසානායක

කොවිඩ් වසංගත තත්ත්වයේදී ශ්‍රී ලංකාව දූපතක් වීමේ වාසිය නොගැනීම අපරාධයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දිනමිණට පැවසුවේය.

සුළඟින් හෝ වාතයෙන් මෙම වසංගතය ලංකාවට ඇතුළු වීමේ ඉඩකඩක් නොතිබුණු බවත් මෙම වසංගතයෙහි වාහකයා මිනිස් සිරුර වන බැවින් මෙය හඳුනාගත නොහැකි පන්නයේ ක්ෂුද්‍රජීවියෙක් නොවන බවත් පැවසූ ඒ මහතා මෙම වසංගතය රටට ඇතුළු වීමට තිබුණු එකම මාර්ගය වන්නේ ගුවන්තොටුපොළ හෝ වරාය බැවින් එය ඉතා හොඳින් පරික්ෂාවට භාජනය කළ හැකිව තිබුණද එය එසේ නොවීම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව බව පැවසුවේය.

එසේ වසංගතය රටට ඇතුළු වුවද විදෙස්ගතව ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් හරහා එය සිදුවන බැවින් ඒ සියලු දෙනාම නිසි නිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීම හරහා මෙම වසංගතය සමාජයෙහි පැතිර යෑම වළක්වාගත හැකිව තිබූ බවද එය නිසියාකාරව සිදුනොවීම නිසා තත්ත්වය දරුණු වූ බවද කීවේය.

මේ වන විට ලංකාව එම කඩඉම් දෙකම අහිමිකරගෙන ඇති බවත් අද වන විට රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ පරීක්ෂණ සංඛ්‍යාව මත බැවින් පරික්ෂණ සංඛ්‍යාව වැඩි කළ හැකිනම් මීටත් වඩා රෝගීන් සොයාගත හැකි බවත් අවධාරණය කළේය.

Exit mobile version