Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොල් මිල ඉහළ යන නිසා, කැබලි කරන ලද වියළි පොල් ආනයනයට කැබිනට් අනුමැතිය

කැබලි කරන ලද වියළි පොල්

කැබලි කරන ලද වියළි පොල්

කැබලි කරන ලද වියළි පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, මාස තුනක කාලයක් සඳහා කැබලි කරන ලද වියළි පොල් ආනයනයට අවසර හිමිවන අතර මසකට කැබිලි කරන ලද වියළි පොල් මෙට්‍රික් ටොන් 13,000ක් බැගින් ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඉහළ යන පොල් මිල පිළිබඳ අවධානය යොමු කිරමින් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට සාධාරණ මිලකට ජනතාවට පොල් ලබා දීමත් අරමුණු කර ගනිමින් සහ පොල් මිල ඉහළයාම මගින් අපහසුතාවට පත්ව සිටින දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන්, නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

එමෙන් ම, මෙරටට ආනායනය කළ යුත්තේ පිරිසිදු කරන ලද පාම් තෙල් පමණක් බවට ද කැබිනට් මණ්ඩලය අනුමත කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Exit mobile version