Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර ගන්නා සිසුන්ගේ හදිසි වැඩි වීමක්!

අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර ගන්නා සිසුන්ගේ හදිසි වැඩි වීමක්!

අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර ගන්නා සිසුන්ගේ හදිසි වැඩි වීමක්!

අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව හදිසි වැඩි වීමක් ඇති වී ඇති බව මාතර මහ රෝහලේ අක්ෂි රෝග අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ප්‍රියංක ඉන්දවෙල මහතා ප්‍රකාශ කර ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් e – තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලැබීම නිසා ඇස් පෙනීමේ දුර්වලතා ඇති වීම හේතුවෙන් දිනකට 20 – 30කට අතර ශිෂ්‍ය සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බව ඔහු පැවසුවේය.

ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ,

වමනය, කැරකිල්ල, ඇස් රිදීම් සහ කඳුළු ගැලීම් යන රෝග ලක්ෂණ ඇති සිසුන් වැඩි වශයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණේ.

එහෙයින්, පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුන් පරිගණක නැතහොත් දුරකතන තිරය දිගින් දිගටම භාවිතා නොකරන ලෙසත් සෑම විනාඩි 20කටම අඩු තරමින් විනාඩි 20ක් විවේකයක් ගත යුතු ලෙසටත් ඔහු උපදෙස් දෙන ලදී.

Exit mobile version