Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පලාලි ගුවන්තොටුපළ ක්‍රියාත්මක කරවීම සඳහා ඉන්දියාව බලපෑම් කරන බව, දෙමළ සන්ධානයට පොරොන්දු වෙයි

පලාලි ගුවන්තොටුපළ ක්‍රියාත්මක කරවීම සඳහා ඉන්දියාව බලපෑම් කරන බව, දෙමළ සන්ධානයට පොරොන්දු වෙයි

දෙමළ ජාතික සන්ධානයේ (TNA) සාමාජිකයන්, ඉන්දීය තානාපති ගෝපාල් භෝග්ලේ මහතා කොළඹ ඉන්දියානු තානාපති කාර්යාලයේදී හමුවූහ. මෙම හමුවීමට සහභාගී වූයේ සන්ධානයේ ඉහළ පෙළේ නායකයින් පමණි. ඒ අතරම, මෙම හමුවීමේදී සාකච්ඡා කළ තොරතුරු හෙළි නොකිරීමට දෙපාර්ශ්වයම තීරණය කර ඇති බව වාර්තා විය.

පොදුවේ ගත් කල දෙමළ ප්‍රශ්නය, ආර්ථික හා දේශපාලන කරුණු ප්‍රධාන වශයෙන් මේ අවස්ථාවේ දී සාකච්ඡා වූ බව අනාවරණය විය. උතුරු හා නැගෙනහිර ආර්ථික සංවර්ධනය හා සේවා නියුක්තිය ඉහළ නැංවිය හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද සන්ධානය අවධාරණය කළේය.

මේ අතර, තානාපතිවරයා සඳහන් කළේ පාලාලි ගුවන්තොටුපළ නැවත විවෘත කරන ලෙස ඉන්දියාව බලකරන අතර කන්කසන්තුරෛ වරාය ක්‍රියාත්මක කරවීමට පියවර ගන්නා බව තානාපති පාර්ශවයෙන් පැවසූ බව කියවේ.

-තිනක්කුරළ්

Exit mobile version