Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 33 කට මිනීමැරුම් චෝදනා යටතේ නඩු !

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 33 කට මිනීමැරුම් චෝදනා යටතේ නඩු !

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 33 කට මිනීමැරුම් චෝදනා යටතේ නඩු !

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 267 දෙනාට එරෙහිව කඩිනමින් නඩු ගොනු කරන බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වී‍රසේකර මහතා පවසනවා. ඉන් 33 දෙනෙකුට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ බෝම්බ පිපිරවීම් 08 කට අදාලව මේ වනවිට පොලිස් විමර්ශන අවසන් කර ඇති බවත් ඊට අදාල ලිපිගොනු පොලීසිය විසින් නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මේ මස 16 වන දින මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් මුණගැසීමට මහනුවර වෙත පැමිණි අවස්ථාවේදීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ කිසිදු ප්‍රමාදයක් නොමැති බව පෙන්වා දෙන සරත් වීරසේකර මහතා පවසන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වූ පසු කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවයි. ජනාධිපති කොමිසමේ මතුවන අලුත් සාක්ෂිද අදාල කර ගනිමින් නඩු පැවරීම හරහා පරස්පරතා මගහරවා ගැනීමට හැකි බවද ඇමතිවරයා පවසනවා.

පොලිස් විමර්ශනවල ලිපිගොනු පරීක්ෂා කර නඩු පැවරීමේ කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන් 12 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් පූර්ණකාලීනව යොදවා ඇති බවත්, ඊට අමතරව තමා විසින් තවත් කණ්ඩායමක් ඒ සඳහා යොදවා තිබෙන බවත් ඇමතිවරයා පවසයි.

– lanka news web

Exit mobile version