Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලි මාෆියාවේ කෝටි ලක්ෂයක කොල්ලයට සූදානම්වන්නේ කවුද?

විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම දත්ත ඉදිරිපත් කරන්න - PUCSL ලංවිමට දන්වයි

විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම දත්ත ඉදිරිපත් කරන්න - PUCSL ලංවිමට දන්වයි

මහජන උපයෝගීතා කොමිසම විසින් පසුගිය වසර 05 තුළ විදුලි මාෆියාව පාලනය කිරීමෙන් රුපියල් කෝටි ලක්ෂයක පමණ මුදලක් ඉතිරිකර දී තිබියදී එම නීතිවිරෝධීව විසිරුවා හැරීමෙන් මෙවැනි අතිවිශාල මූල්‍ය කොල්ලයකට ආණ්ඩුවේ ප්‍රබලයින් සූදානම් වන බවට බරපතල සැක මතුවී තිබේ.

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති නීතීඥ සාලිය මැතිව් මහතා සමග රාවය පුවත්පත පවත්වනලද සම්මුඛ සාකච්ඡාවකදී පසුගිය වසර 05 තුළ රුපියල් කෝටි ලක්ෂයක පමණ මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිසමේ මැදිහත්වීමෙන් ඉතිරිකර දී ඇති බව හෙළිකර තිබේ. එම සාකච්ඡාවේදී හිටපු සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීම ඊට අදාළ පනතේ 07වෙනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ තීරණයක් මගින් සිදු කළ යුතු බවය.

පසුගිය රනිල් + මෛත්‍රී හවුල් පාලන සමයේදී හදිසි විදුලි මිලදී ගැනීම සඳහා විවිධ අවස්ථාවල ඉදිරිපත්කරන ලද යෝජනා ගණනාවක් එමිසමේ විමර්ශනවලින් පසුව අත්හිටවුූ බව එම සභාපතිවරයා හෙළි කර තිබේ. ඉදිරිපත් කරන ලද එම විවිධ යෝජනා අනුව විදුලිය මිලදී ගත්තේනම් මේ වනවිට විදුලි බල මණ්ඩලය බංකොලොත්වී ඒ බර පාරිභෝගිකයා මත පැටවෙනු ඇති බව වැඩිදුරටත ඔහු ප්‍රකාශ කර ඇත.

Exit mobile version