Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

M.C.C ගිවිසුමේ ඩොලර් මිලියන 480 ක් ලංකාවට අහිමි වීමට හේතු රනිල් හෙළි කරයි

භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි - රනිල් පැවසූ බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති කියයි

භාරකාර ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්න මන් කැමතියි - රනිල් පැවසූ බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති කියයි

M.C.C. ගිවිසුමට වන කාල පරාසය දීර්ඝ කරන ලෙසට කලින් දෙවරක් ඉල්ලුම් කර තිබූ අතර තුන්වන වරටත් ඉල්ලුම් කර ඇති තත්වයක ලංකාවට ලැබීමට නියමිතව තිබූ ණය නොවන ඩොලර් මිලියන 480 ක මුදලක් අහිමි වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් ව්ක්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.

කොල්ලුපිටිය පිහිටි තම නිවසේ පැවැත්වූ පක්ෂ සාමාජිකයන් සඳහ‍ා වූ හමුවීමකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

M.C.C. ගිවිසුමට අනුව ලංකාවට ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 480 ක මුදලක් දැන් අහිමි වෙලා. මිලේනියම් චැලේන්ජ් අධ්‍යක්ෂ මණ්ඩලය මෙය නිල වශයෙන් දැනුම් දී ඇති බවත් ණය නොවන රුපියල් බිලියන 89 ක සහනය දැන් ලංකාවට නොලැබී යන බවත් සඳහන් කර සිටියේය. මෙම මුදල තමන්ම ප්‍රතික්ෂේප කළ බව ආණ්ඩුව කියන්න ඉඩ තියෙනවා. කෙසේ වෙතත් ලබන වසර රටේ ආර්ථිකයට තීරණාත්මක වසරක් වනු ඇති.

එබැවින් අපට අළුත් ගමනක් යන්න තියෙනවා. අපිත් සමග සිටින අය ආරක්ෂා කරමින් අපෙන් වෙන්වී ගිය අය අතහැර අළුත් ගමනක් යන්න අපි සූදානම් විය යුතුයි. ගෙවී ගිය කාලය සිතා දුක් වීමෙන් කිසිම ඵලක් නැහැ. ඒ නිසා ඕනෑම දේකට සූදානම්ව සිටිය යුතුයි.

පළාත් සභා මැතිවරණයට අළුත් මුහුණු වගේම පරණ මුහුණු රැසක් ආණ්ඩුව නියෝජනය කරමින් තරඟ කරයි. මැතිවරණයට වියදම් කරන්න අපේක්ෂකයන් ලඟ මුදල් නැහැ. අනෙක් පැත්තෙන් කොරෝනා බලපෑම තියෙනවා. ඒ නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැටලු සහගත බවත් එය අභියෝගයක් බවත් ඔහු සඳහන් කළේය.

– වීරකේසරි

Exit mobile version