Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වන අලි ඝාතනයෙන් ලංකාව ලෝකයේ අංක 01 ට

2024 මේ දක්වා වනඅලි 33 මියගොස්

2024 මේ දක්වා වනඅලි 33 මියගොස්

අලි – මිනිස් ගැටුම හේතුවෙන් වසරකදී වැඩිම වන අලි ප්‍රමාණයක් මියයන රට ලෙස ශ්‍රී ලංකාව වාර්තාවක් තබා ඇතැයි වාර්තා වේ. 2019 වසරේදී අලි – මිනිස් ගැටුම හේතුවෙන් වන අලි 407ක් මියගොස් ඇත. එමෙන්ම වාර්ෂිකව වන අලි පහරදීම්වලින් පුද්ගලයන් 122ක් පමණ මියයන බව වාර්තා වේ.

අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට විදුලි වැට සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 86ක් වැය කළද පසුගිය වසර 60 පුරාවටම මෙම ප්‍රශ්නයට කල්පවත්නා විසඳුමක් ලබාදීමට බලයේ සිටි කිසිම ආන්ඩුවක් සමත් වී නැත.

19වන සියවස ආරම්භයේදී 14,000ක් පමණ වූ ශ්‍රී ලංකාවේ වන අලි ගහණය මේ වන විට 3,500ක පමණ ප්‍රමාණයකට අඩුවී ඇතයි ලෝක වන සත්ව ෆේඩරේෂණය පවසයි.

-LT

Exit mobile version