Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ “පැණිය” තවම අතිරේක ආහාරයක්වත් නොවේ – ආයුර්වේද කොමසාරිස්

ධම්මික පැණියට සායනික පරීක්ෂණ සඳහා ආචාරධර්ම කමිටුවේ අනුමැතිය

ධම්මික පැණියට සායනික පරීක්ෂණ සඳහා ආචාරධර්ම කමිටුවේ අනුමැතිය

කොවිඩ් ආසාදිතයන් සුවපත්වන බෙහෙතක් යැයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් සොයාගනු ලැබූ බව කියන පැණිය අතිරේක ආහාරයක් ලෙස භාවිත කිරීමට මෙතෙක් අනුමැතිය ලබාදී නැතැයි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග පවසයි.

කෙසේ වෙතත් දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි දිගින් දිගටම පවසා සිටින්නේ එම පැණිට අතිරේක ආහාරයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බවයි.

එහෙත් ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කරන්නේ එය මෙතෙක් අතිරේක ආහාරයක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබා දී නැති බවය.

එමෙන්ම ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා පසුගියදා පවසා සිටියේ වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වන මෙම පුද්ගලයා ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වූවෙකුද නොවන බවය.

Exit mobile version