Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ට්‍රම්ප්ගේ අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි…

ට්‍රම්ප්ගේ අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ට්‍රම්ප්ගේ අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

පෙන්සිල්වේනියාවේ මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් කළ අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත්, මෙම තීන්දුවට හේතුව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කර නැත.

ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත් වී මසක් පසු වුවද, ජනාධිපති ට්‍රම්ප් මේ වන තෙක් තම පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටී.

ප්‍රධාන මැතිවරණ විද්‍යාලවල වාර්තා වූ ප්‍රතිඵලවලට විරෝධය පළ කරමින්, ට්‍රම්ප් පෙත්සමක් ගොනු කර තිබේ.

මීට වසර 4 කට පෙර ට්‍රම්ප් පෙන්සිල්වේනියාව අත්පත් කරගෙන සිටි නමුත් මෙවර පැවති මැතිවරණයෙන් ජෝ බයිඩන් මහතා එහි ජයග්‍රහණය කර ඇත.

Exit mobile version