Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මරාගෙන මැරෙන ප්‍රහාරයට පුහුණුව ලැබුවා යැයි සඳහන් කාන්තාවන් 6ක් අත්අඩංගුවට – පසුබිම කුමක්ද?

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස

අප්‍රේල් 21 දින මරාගෙන මැරෙන ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ත්‍රස්තවාදී සහරාන් හෂීම්ගේ, මූලධර්මවාදී ඉගැන්වීම්වලට සහභාගී වී, මරාගෙන මැරෙන ප්‍රහාරයට පුහුණු වීම් ලැබුවා යැයි පවසන කාන්තාවන් 6 දෙනෙකුව ත්‍රස්ත මර්ධන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් සැදුම්ලත් පොලිස් කණ්ඩායමක් විසින් කාන්තාන්කුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්තවාදී මර්ධන පනතට අනුව ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් 6 දෙනාම එකම පවුලට අයත් පුද්ගලයින් බව ත්‍රස්ථ මර්ධන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

කාන්තාවක් සහ ඇයගේ දියණියන් තිදෙනෙකු ද, එක් ලේලියෙකු ද, මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ දින, කොළඹ ඇති ත්‍රස්ත මර්ධන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට වැඩි දුර විමර්ශනය සඳහා රැගෙන ආ බව එම පුවත් ආරංචි මාර්ග පවසයි.

මෑතකදී , මඩකලපුවේ විශේෂ පොලිස් කොට්ඨාසය, ත්‍රස්ත මර්ධන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය සමඟ එක් වී පැවැත්වූ සාර්ථක මෙහෙයුමකදී අවුරුදු 20ක තරුණයෙකුව අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ සාර්ථක විමර්ශනයේදී , හෙළි වූ තොරතුරුවලට අනුව මෙම කාන්තාවන් 6 දෙනා අත් අඩංගුවට ගෙන ඇත. මොවුන් මින් පෙර අප්‍රේල් 21 ප්‍රහාරයේ සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ඥාතීන් ලෙස දැනගන්නට ලැබී ඇත.

මින් පෙර අත්අඩංගුවට පත් පිරිමින් 15 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනකුගෙන් කළ විමර්ශනයෙන් හෙළි වූ කරුණු අනුව මෙම කාන්තාවන් 6 දෙනා අත්අඩංගුවට ගත් බව ත්‍රස්ථ මර්ධන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය මත, අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන්, ත්‍රස්ත මර්ධන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත මර්ධන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාගේ උපදෙස් මත වැඩි දුර විමර්ශන සිදු කරමින් පවතී.

-virakesari

Exit mobile version