Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රට පුරා ක්‍රියාත්මක 1990 සුව සැරියේ වෘත්තීය සමිති නායකයින් මර්ධනය කිරීමට උත්සාහයක

1990 සුව සැරිය ගිලන්රථ සේවාවට නවීන තාක්ෂණය යොදා ගැනීමෙන් නව සේවාවන්

1990 සුව සැරිය ගිලන්රථ සේවාවට නවීන තාක්ෂණය යොදා ගැනීමෙන් නව සේවාවන්

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරීම මැඩ පැවැත්වීමට ඝෘජුව සම්බන්ධ 1990 “සුව සැරිය” ගිලන් රථ සේවයෙහි අඩුපාඩු හෙළිදරව් වීම වැළැක්වීමට එහි වෘත්තීය සමිති නායකයින් මර්ධනය කිරීමට පටන් ගෙන ඇති බව චෝදනා කර ඇත.

ගිලන් රථ සේවයේ අඩුපාඩු හෙළි කරන සේවකයින් මර්ධනය කිරීම සඳහා එහි පාලක අධිකාරිය උත්සාහ කරමින් සිටින බවට චෝදනා කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමු විය යුතු බව වෘත්තීය සමිති බල කරයි.

සුව සැරිය සේවයේ පාලක අධිකාරිය තනි තීරණයට අනුව වර්තමානයේ සේවයේ සිට වැඩ තහනමට ලක් කර ඇති වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකවරුන් නැවත සේවයේ පිහිටුවන ලෙස කම්කරු මහජන බලවේගය සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ඉල්ලීමක් කර ඇත.

සුව සැරිය ගිලන් රථ සේවයේ අඩුපාඩු හෙළි කළ හේතුව මත සුව සැරි සේවයේ නියුතු සේවකයින් අසාධාරණ ලෙස වැඩ තහනමට ලක් කර ඇති බව කම්කරු මහජන බලවේගය පවිත්‍රා දේවී වන්නිආරච්චි අමාත්‍යවරිය වෙත යවා ඇති ලිපියේ අවධාරණය කර ඇත.

තොරතුරු වසන් කිරීම සඳහා සුව සැරිය පාලන අධිකාරිය උත්සාහ කරමින් සිටින බව කම්කරු මහජන බලවේගය තව දුරටත් චෝදනා කරයි. සුව සැරිය ගිලන් රථ සේවය කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමට ඝෘජුව සම්බන්ධ වන අතර එම කාර්යය ඝෘජුව අධීක්ෂණය කරන බවක් නොපෙනෙන බව සෞඛ්‍ය ඇමතිවරියට යවා ඇති ලිපියේ වෘත්තීය සමිතිය කරුණු දක්වා ඇත.

එසේවුවත් මෙම ආයතනය වර්තමාන සෞඛ්‍ය ඇමතිවරිය යටතේ ඝෘජුව අධීක්ෂණයට යටත් කර ඇති නමුත් දීර්ඝ කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධයක් නොමැති අමාත්‍යාංශයක් යටතේ ස්වාධීනව කටයුතු කළ බව දන්වමු. එසේ වුවත් වර්තමාන රජය යටතේ පැරණි පාලක අධිකාරියේ අවශ්‍යතා මත ක්‍රියාත්මක වන බව පෙනෙන බව එම බලවේගය කරුණු දක්වයි.

මෙය අවස්ථාවක් කර ගනිමින් වර්තමානයේ සේවය තහනම් කර ඇති මයුමි ප්‍රියංගිකා වීරසිංහ, Y.P.M.L. සිරිවර්ධන සහ R.M.R.S. රාජනායක යන අයව නැවත සේවයේ පිහිටුවන ලෙස කම්කරු මහජන බලවේගය සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර ඇත.

සුව සැරිය ගිලන් රථ සේවයේ ගැටළු විසඳීම හා එහි පාලන අධිකාරියට පත් කිරීම සඳහා කටයුතු කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරියට ඇති බවත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් වෘත්තීය සමිති ඉල්ලීමක් කර ඇත.

නැතහොත් වෘත්තීය සමිති මර්ධනයට එරෙහිව කම්කරු මහජන බලවේගය ඝෘජු ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කරන බව අවධාරණය කළේය.

මෙම ලිපියේ කම්කරු මහජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාර හරහා ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයින් වන සිල්වෙස්ටස් ජයකොඩි, රවි කුමුදේෂ්, ජෝසප් ස්ටාලින්, කේෂර කෝට්ටේගොඩ, ලීනස් ජයතිලක, චින්තක රාජපක්ෂ, උදේනි දිසානායක සහ චින්තක බණ්ඩාර යන අය අත්සන් යොදා ඇත.
-GTN

Exit mobile version