Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ්-19 ජාතික ප්‍රයත්නයට: මාස හයකදී කෝටි 5,000ක් තැන්පත් කරලා – ශ්‍රී ලංකා මහ බැංකුව

රුපියල සීඝ්රයෙවිදෙස් සංචිත වැටුණු වැටිල්ල - ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 දක්වා පහතටන් අවප්‍රමාණය වීම - ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ නිවේදනය

විදෙස් සංචිත වැටුණු වැටිල්ල - ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 දක්වා පහතට

රට තුළ ව්‍යාප්තවූ කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා රජය විසින් හඳුන්වාදී තිබෙන විශේෂ තැන්පතු ගිණුම්වලට මාස හයක පමණ කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 5,000කට වැඩි තැන්පත් කර තිබෙන බව (ඇමෙරිකානු ඩොලර් මිලියන 272) ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මේ වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් මේ වසරේ අප්‍රේල් 08 දින විශේෂ තැන්පතු ගිණුම හඳුන්වා දුන්නේය.

විදේශ විනිමය ඉතා විශාල ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ගැනීමට විශේෂ තැන්පතු ගිණුම් සතුව පවතින හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම සහ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇති විය හැකි ධනාත්මක බලපෑම සලකා බලා ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා වලංගු කාලය එළඹෙන 2021 වසරේ අප්‍රේල් 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

මීට අමතරව එම විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමෙන් ඇති වන යහපත් බලපෑම් සලකා බලා, ශ්‍රී ලංකා රජය, විශේෂ තැන්පතු ගිණුම් කල්පිරීමේදී ලද මුදල් නියමිත කල්පිරීමේ දිනය ඉක්මවා පවත්වා ගැනීමට අදහස් කරන විශේෂ තැන්පතු ගිණුම් හිමියන්ට, එම විශේෂ තැන්පතු ගිණුම් බලයලත් වෙළෙඳුන් සමඟ සාමාන්‍ය තැන්පතු ලෙස අලුත් කර ඉදිරියට පවත්වා ගෙන යෑමට අවසර ලබාදී තිබේ.

එලෙස ඉදිරියට පවත්වා ගෙන යනු ලබන විශේෂ තැන්පතු ගිණුම් බලයලත් වෙළෙඳුන් විසින් අදාළ බැංකුවල සාමාන්‍ය කාලීන තැන්පතු සඳහා ප්‍රදානය කරනු ලබන පොලී අනුපාත සඳහා පමණක් සුදුසුකම් ලබන අතර, කල්පිරීමේදී එම අරමුදල් විදේශ ව්‍යවහාර මුදල් බවට පරිවර්තනය කිරීම සහ ශ්‍රී ලංකාවෙන් පිටතට ආපසු යැවීම බාධාවකින් තොරව සිදු කළ හැකි බවද විශේෂ තැන්පතු ගිණුම් හිමියකු ආමුඛ ආයෝජන ගිණුමක් හෝ පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් විවෘත කිරීම සඳහා සුදුසුකම් ලබයි නම් හෝ දැනට එවැනි ගිණුමක් පවත්වාගෙන යයි නම්, එවැනි ගිණුමකට මාරු කිරීම සඳහා අවසර ලැබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති මේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධාන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලයලත් වෙළෙඳුන් (බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වෙත නිකුත් කර තිබෙන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.dfe.lk වෙත පිවිසීම මඟින් විශේෂ තැන්පතු ගිණුම් පිළිබඳව වැඩි දුර තොරතුරු ලබාගත හැක.

Exit mobile version