Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලේ දකින් ආසා කරන පෙති නිකුත් කළේ කවුද? – විජිත හේරත්

අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත්ම සුදුසු නැහැ - විජිත හේරත්

අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත්ම සුදුසු නැහැ - විජිත හේරත්

එයාර් ලංකා සමාගමේ විධායක නිලධාරියෙකු නිදහස් චතුරස්‍රය ආසන්නයේදී වෙඩි තබාගෙන සියදිවි නසාගත් බව ආණ්ඩුව ප්‍රකාශ කළ අවස්ථාවේ සිට මේ දක්වා විරුද්ධවාදීන් හඹා යාමේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ යැයි මන්ත්‍රී විජිත හේරත් මන්ත්‍රීවරයා චෝදනා නැගීය.

මේ වනවිට මහර බන්ධනාගාර ගැටුම පිළිබඳවද ආණ්ඩුව පාර්ශවයෙන් කරුණු දක්වන්නේ ලේ දකින්න ආස කරන මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් එම රැඳවියන් ප්‍රකෝපකාරීව හැසිරුණු බව වැනි ප්‍රබන්ධ නිර්මාණය කරමින් ආණ්ඩුව කල්මරණ බවයි.

ඊයේ (03) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳව කාරකසභා විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම කරුණු දැක්වීය. ආණ්ඩුව බලයට පත් කිරීමට ක්‍රියාකළ භික්ෂූන් වහන්සේලා දැන් ආණ්ඩුව විවේචනය කරන තත්වය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භික්ෂූන්වහන්සේලා හඹා යමින් සිටින අතර බන්ධනාගාර තුළ සිරකරුවන්ද ඝාතනය කිරීම දක්වා ක්‍රියාමාර්ග දියත් කර ඇති බවත් මෙහිදී පැවසීය. ” හිරකරුවන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගන්න දෙන්න බෑ. බන්ධනාගාර තුළට ලේ දකින් ආස කරන පෙති වර්ග නිකුත් කළේ නම් සෞඛ්‍ය අමාත්‍යංශය එයට වගකිව යුතුයි.” යනුවෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය.

Exit mobile version