Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රීඩා ක්ෂේත්‍රය සෙල්ලමට ගන්න හොඳ නෑ – ගෝවින්දන් කරුණාහරම්

ක්‍රීඩා ක්ෂේත්‍රය සෙල්ලමට ගන්න හොඳ නෑ - ගෝවින්දන් කරුණාහරම්

ක්‍රීඩා ක්ෂේත්‍රය සෙල්ලමට ගන්න හොඳ නෑ - ගෝවින්දන් කරුණාහරම්

අපේ ක්‍රීඩා ක්ෂේත්‍රය ජාතිය, ආගම, භාෂාව, කලාපය හෝ පාසල මත පදනම් නොවිය යුතුය. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩාවේ එවැනි දැක්මක් තියෙනවා. මෙම තත්වය වෙනස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණානහරන් මහතා සභාවට පැවසීය.

තරුණ හා ක්‍රීඩා, ජල සම්පත්, විදුලිබල, බලශක්ති හා විදේශ කටයුතු අමාත්‍යාංශ සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අමතමින් ඔහු මේ බව පැවසීය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

අපේ ක්‍රීඩාව සෙල්ලමට ගත්ත ක්ෂේත්‍රයක් නොවිය යුතුය. එය විද්‍යාත්මක ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කළ යුතුයි. මෙම අංශය ජාතිය, ආගම, භාෂාව, කලාපය හෝ පාසල මත පදනම් නොවිය යුතුය. අද මෙම ක්ෂේත්‍රය තුළ එවැනි සැලකිල්ලක් තියෙනවා. මෙය වෙනස් කළ යුතුයි. කුසලතා හඳුනාගත යුතුයි. ධෛර්යමත් කිරීම් අවශ්‍යයි.

ඉස්සර උතුරු හා නැගෙනහිර පරිසරය තරුණ තරුණියන්ට නිදහසේ ක්‍රීඩාවල නිරත වීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ. යුද්ධය අවසන් වී දැන් වසර 11 කට ළඟයි. යුද්ධය ජයගෙන සිංහල ජනයාගේ හිත් දිනාගත් ඔබ, දෙමළ ජනතාවගේ තරුණයින්ගේ හිත් දිනාගැනීමට ඔබ කළේ කුමක්දැයි ඔබේ හෘදය සාක්ෂියෙන්ම අහලා බලන්න.

යුද්ධය අවසන් වීමෙන් පසු, විදේශීය හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා රුපියල් මිලියන ගණනක් ණයට දී පරිත්‍යාග කර උදව්වුනා. එයින් උතුරු හා නැගෙනහිරින් අත්කර ගෙන ඇත්තේ මොනවාද? අන්තර්ජාතික සම්මත ධාවන පථයක්, ක්‍රිකට් ක්‍රීඩාංගණයක් උතුරු හා නැගෙනහිර තියෙනවද? උතුරේ දුරෙයියප්පා ක්‍රීඩාංගනය, නැගෙනහිරින් ත්‍රිකුණාමලය ක්‍රීඩාංගනය සහ මඩකලපුව ක්‍රීඩාංගනය කියලා නමට විතරයි. මේවායේ සැබෑ තාක්ෂණික තත්වය කුමක්ද? උතුරු හා නැගෙනහිර ක්‍රීඩාව නඟාසිටුවන්නයි මම මේක කියන්නේ.

ක්‍රීඩා සඳහා විශ්ව විද්‍යාලයක් නිර්මාණය කළ යුතුය. එය වාර්ගික හෝ ආගමික වෙනස්කම් කිරීමකින් තොරව පරිපාලනය වන බවට සහතික විය යුතුය. උතුරු හා නැගෙනහිර තරුණ තරුණියන් ජාතික මට්ටමේ තරඟවලට සහභාගී වන විට ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ කරන ගැටුමක් ලෙස විනිසුරුවන් සහ ප්‍රේක්ෂකයින් අවධානය යොමු කළ අවස්ථා ඇති බව මම පෙන්වා දීමට කැමැත්තෙමි.

ජාතික තරුණ සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද්‍රවිඩයන් කී දෙනෙක් ඉන්නවද? ඉහළම කණ්ඩායමේ ද්‍රවිඩයන් කී දෙනෙක් ඉන්නවද? පළාත් 9 හි සේවය කරන පළාත් අධ්‍යක්ෂවරුන්ගෙන් කිසිවෙකු දෙමළ ජාතිකයන් නොවේ. සහකාර අධ්‍යක්ෂවරුන් ලෙස පවා දෙමළ අයෙකුට වගකීම් පැවරීමට නොහැකි වී ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිසි අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසීය.

– වීරකේසරි

Exit mobile version