Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මානසික රෝග ඖෂධවලින් ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ නැහැ – මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වීරවංසට “කණේ පහරක්”

මානසික රෝග ඖෂධවලින් ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ නැහැ – මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වීරවංසලාට “කණේ පහරක්”

මානසික රෝග ඖෂධවලින් ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ නැහැ – මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වීරවංසලාට “කණේ පහරක්”

මානසික රෝග සදහා ශ්‍රී ලංකාවේද භාවිතා කරන්නේ ලොව අනෙක් රටවල භාවිතා කරන ඖෂධම බවත්, එම ඖෂධ ලංකාවට ගෙන්වන්නේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව බවත් ශ්‍රී ලංකාවේ විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරුන් ගිය දශක 7 තිස්සේ නියමිත මාර්ගෝපදේශනවලට අනුව මෙම ඖෂධ නිර්දේශ කර ඇත. මානසික රෝගවලට ලබාදෙන මෙම ඖෂධ මගින් ප්‍රචණ්ඩත්වය හෝ කලබලකාරීත්වය ඇති නොවන බවත් ඒ වෙනුවට මේ බොහෝ ඖෂධවලින් සන්සුන් බව සහ මද නිදිමත ගතියක් ඇති වන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිදුවීමට හේතුව සිරකරුවන් විසින් මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ පාවිච්චි කර ප්‍රචණ්ඩව හැසිරීම බව මාධ්‍ය මගින් වාර්තා කර සිටීමයි. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී පෙන්වා දී සිටියේ සිරකරුවන් මෙම ඖෂධ භාවිත කළ පසු ඔවුන්ට ලේ දැකීමේ ආශාව ඇතිවීම නිසා මෙම කලබලකාරීත්වය ඇතිවූ බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශකර සිටියේ සිරකරුවන් බන්ධනාගාරයේ බෙහෙත් ගබඩාව කඩා මෙම ඖෂධ අධික ප්‍රමාණයෙන් භාවිතා කර ඇති බවයි. බන්ධනාගාර බෙහෙත් ගබඩාවේ අධික ඖෂධ ප්‍රමාණයක් තබාගෙන සිරකරුවන් මෙම ගැටුම සඳහා පෙළඹවීමට බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා කටයුතු කළේද යන්න පිළිබඳව CID පරීක්ෂණ පැවැත්වෙන බව සමහර මාධ්‍ය වාර්තා කර තිබුණි.

Exit mobile version