Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෙල්ලමට ගෙල ගැටගසාගත් දැරිය මරණයට

සෙල්ලමට ගෙල ගැටගසාගත් දැරිය මරණයට

සෙල්ලමට ගෙල ගැටගසාගත් දැරිය මරණයට

පාසලේ ටයි පටිය ජනේලයේ බැඳ ගෙල වටා ගැට ගසා ගත් දැරියගේ ගෙල සිරවී ඛේදජනක ලෙස මියගොස් ඇත.

හදිසි මරණ පරීක්ෂණයට අනුව දැරිය සෙල්ලමට මෙලෙස තම සහෝදරයාගේ ටයි පටිය ගෙල වටා බැඳ ඇති බව හෙළිවී ඇත.

පේදුරු තුඩුව, පුලෝලි-සාරෛඅඩි හි පදිංචි හම්සි ශ්‍රීධරන් (9) යන දැරිය මෙලෙස මියගොස් තිබේ.

තම මව සහ සහෝදරයා රෝහලට ගොස් සිටි අවස්ථාවේ නිවසේ තනිව සිටි සිසුවිය සහෝදරයාගේ ටයි පටිය රැගෙන ඇයගේ ගෙල වටා ඔතා ජනේල ග්‍රීල් කම්බියෙහි ගැට ගසා ඇත. ගැටය තද වීමෙන් දැරිය මියගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ පාසල් ටයි පටිය සිසුවියගේ ගෙලෙහි සිරවීමෙන් මරණය සිදු වී ඇති බවයි.

-GTN

Exit mobile version