Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහර බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්ථානු ජාතිකයෙක් මිය යයි!

මහර බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්ථානු ජාතිකයෙක් මිය යයි!

මහර බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්ථානු ජාතිකයෙක් මිය යයි!

අත් අඩංගුවට පත්ව සිටි පාකිස්ථානු ජාතිකයෙකු මහර බන්ධනාගාරයේ දී ජීවිතක්ෂයට පත්වී ඇත.

අදාළ රැඳවියා දිගු කලක් තිස්සේ මුත්‍රා ආබාධයකින් (වකුගඩු රෝගයකින්) පෙළුණු පුද්ගලයෙකු වන අතර ඔහු රාගම පිහිටි උතුරු කොළඹ ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල් දෙණිය මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව වයස අවුරුදු 45ක් වන පාකිස්ථානු ජාතිකයා වකුගඩු අකර්මණ්‍ය වීමෙන් මිය ගොස් ඇත.

මහර බන්ධනාගාරයේ සතියක් තුළ සිදු වූ දෙවන මරණය මෙය වේ.

මහර බන්ධනාගාරයේ කොරෝනා ආසාධිත වූ 82 හැවිරිදි සිරකරුවෙකු පසුගිය සඳුදා දින වැලිකඩ බන්ධනාගාර රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවද වැඩි දුරටත් සඳහන් වේ.

Exit mobile version