Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භාණ්ඩ නිෂ්කාශනය මන්දගාමී වීම හේතුවෙන් බහාලුම් 20,000ක් වරායේ හිරවේ

වරාය මෙහෙයුම් කටයුතු සඳහා ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

වරාය මෙහෙයුම් කටයුතු සඳහා ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

භාණ්ඩ නිෂ්කාශනය මන්දගාමී වීම හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 20,000 කට අධික ප්‍රමාණයක් තවමත් රඳවා තබා ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

මෙම තත්වය හේතුවෙන් නව බහාලුම් වරාය තුල රඳවා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.තදබදය හේතුවෙන් ඇතිවූ ප්‍රමාද වීම් හේතුවෙන් සමහර නැව් වරාය වෙත නොපැමිණෙන බවද ඔහු පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස සමහර නැව් කොළඹ පසුකර සිංගප්පූරුව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන වරායන් වෙත ගමන් කරමින් සිටි බව ජෙනරාල් රත්නායක මහතා තවදුරටත් පවසයි.

මේ වනවිට ඔවුන් දිනකට අපනයනය සඳහා බහාලුම් 500 ක් හසුරුවමින් සිටින අතර මීට පෙර ඔවුන් දිනකට 800 සිට 1000 දක්වා ප්‍රමාණයක් හැසිරවූ බව ඔහු පවසයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව රට තුළට පැමිණෙමින් පවතින අතර එම භාණ්ඩ ප්‍රමාදයකින් තොරව නිෂ්කාශන කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔහු පවසයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පැවසුවේ එහි සේවකයින් හත්දෙනෙකු කොවිඩ්-19 රෝගයෙන් පීඩා විඳි නමුත් භාණ්ඩ නිෂ්කාශනය කිරීම සඳහා ඔවුන් අඛණ්ඩව සේවා සපයන බවයි.

කොළඹ වරායේ සේවකයින් 14 දෙනෙකු කොවිඩ්-19 රෝගය වැළඳීමත්, තවත් කිහිප දෙනෙකු නිරෝධායනය සඳහා යැවීමත් සමඟ මෙලෙස එහි කටයුතු මන්දගාමී තත්වයකට පත්විය.

Exit mobile version