Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) “අපි තීන්දුවක් ගත්තා නම් මීට වඩා කැලෑ කපනවා” – ඇමති විමලවීර වනජීවී නිලධාරීන්ට තග දායි: නිලධාරීන් වැඩ වර්ජනයකට

ඇමති විමලවීර වනජීවී නිලධාරීන්ට තග දායි

ඇමති විමලවීර වනජීවී නිලධාරීන්ට තග දායි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සේවයේ නිරත වනජිවී නිලධාරීන් හා ක්ෂේත්‍ර සහායකවරුන් අද (27) දිනයේ සංඛේත වැඩවර්ජනයක නිරත වී සිටි.

ඒ, පසුගියදා රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වනජීවී නිලධාරීන්ට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පළකරමිනි.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පොලොන්නරුව ජලගැටළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වනජිවී නිලධාරීන් පිරිසකට බැන වදිමින් සිය ඇමතිකමේ බලය පෙන්වමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.

එම ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට සහ කිරි ගවයින්ට තණ කැවීමට ඉඩ ලබාදෙන ලෙස ඒ අසල පිහිටි තඹාල හා වෙහෙරගොඩයාය යන ගම්මාන දෙකේ වැසියන් ඉල්ලීමක් කර තිබිණි.

අමාත්‍යවරයා ද එහි පැමිණ, නීතිය නොතකා දැනටත් අනවසරයෙන් එම ඉඩම් භාවිතා කරන ගම්වාසීන්ගේ ඉල්ලීමට ඉඩ ලබාදිය යුතු බව නිලධාරීන්ට අවධාරණය කිරීමට උත්සාහ ගත් අතර නිලධාරීන් තරයේ ප්‍රකාශ කළේ යම් භූමි ප්‍රදේශයක් ජාතික වනෝද්‍යානයක් ලෙස ගැසට් කරන්නේ එහි ජාතික වැදගත්කමක් ඇති නිසා බවත් එවන් භූමියක් විනාශ කිරීම යනු ජාතික අපරාධයක් වන හෙයින් තමන්ට ඊට එකඟ විය නොහැකි බවත්ය.

මෙහිදී කෝපයට පත් අමාත්‍යවරයා “දැන් තීන්දුවක් ගත්තෙ නෑනෙ අයිෂෙ ? තීන්දු ගත්තද මං අහන්නෙ ? අපි තීන්දුවක් ගත්තොත් මීට වැඩිය කැලෑ කපනවා. බලනවා ගිහිල්ලා, මං පෙන්නන්න එනවා යන්න කැලෑවල් කපපු හැටි.

ලොකු ටෝක් දෙන්නැතුව මං ඉස්සරහා. බෙල්ලෙං අල්ලලා ගිහින් පෙන්නන්නම් අක්කර දාස් ගණං කපපුවා. හරි ? තමුසෙලා ඇමතිවරයෙක් ඉස්සරහා හැසිරෙන්න දන්නැද්ද ? තීන්දුවක් ගත්තද ? තමුසෙ හරි චණ්ඩියෙක්ද ” යනාදී වශයෙන් බැන වැදුණේය.

Exit mobile version