Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපති සහ අගමැති දානේ වළඳන පින්තූරය Fake නොවේ..! CIDත් පිළිගනී

ජනපති සහ අගමැති දානේ වළඳන පින්තූරය Fake නොවේ..! CIDත් පිළිගනී

ජනපති සහ අගමැති දානේ වළඳන පින්තූරය Fake නොවේ..! CIDත් පිළිගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (17) පෙරවරුවේ කැඳවා තිබුණි.

ඒ අනුව ඒ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති අතර එහිදී පරිඝනක අංශයෙන් ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමක් සිදුකර ඇත. ඉන් පසුව සමාජ මාධ්‍ය අපරාධ නිරීක්ෂණ අංශයට ධනුෂ්ක මහතාව යොමු කර තිබූ අතර එහිදී එම නිලධාරීන් කල ප්‍රශ්න කිරීම් වලට වලට පිළිතුරු ලබා දී තිබුණි.

විවිධ ස්ථාන වලදී එම ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට සටහන් වී තිබුනත් එය සංස්කරණය නොකරන සත්‍ය ඡායාරූපයක් බව එහිදී තහවුරු කරගත් බවත් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයේ ඡායාරූප ගැනීමෙන් වැළකීමට උපදෙස් ලබා දී තිබියදී එවැනි ඡායාරූපයක් පිටතට පැමිණීම ජනාධිපතිතුමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මත පදනම් ව මෙම ප්‍රශ්න කිරීම් කරන බව වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසීය.

එකී පින්තූරය තමන් විසින් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් නොවන බවත් එය කිසියම් අයෙකුගේ සමාජ ජාල ගිණුමකින් උපුටා ගන්නා ලද්දක් බවත් ධනුෂ්ක රාමනායක මහතා සඳහන් කර තිබෙනවා.

-cxn

Exit mobile version