Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් නිෂ්පාදන අවුල් කිරීමට රුසියාවෙන් සහ උතුරු කොරියාවෙන් සයිබර් ප්‍රහාර

රුසියාවෙන් සහ උතුරු කොරියාවෙන් සයිබර් ප්‍රහාර, ඉලක්කය එන්නත් නිෂ්පාදනය අවුල් කිරීම

රුසියාවෙන් සහ උතුරු කොරියාවෙන් සයිබර් ප්‍රහාර, ඉලක්කය එන්නත් නිෂ්පාදනය අවුල් කිරීම

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් නිෂ්පාදන ක්‍රියාවලීන් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාර එල්ල කිරීමට උතුරු කොරියානු සහ රුසියානු රජයයන්හි අනුග්‍රහය යටතේ සයිබර් ප්‍රහාරකයින් ක්‍රියාත්මක වෙමින් සිටින බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

එම සමාගම පැවසුවේ, “Fancy Bear” නමැති රුසියානු කණ්ඩායමක් සහ “Zinc” සහ “Cerium” නමැති උතුරු කොරියානු කණ්ඩායම් දෙකක් මෑතකදී සයිබර් ප්‍රහාර එල්ල කළ බවය.

එන්නත් පර්යේෂණ ඉලක්ක කරමින් රුසියානු සයිබර් ප්‍රහාරකයින් සයිබර් ප්‍රහාර එල්ල කරමින් සිටින බව පසුගිය දා එක්සත් රාජධානියේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පැවසීය.

කෙසේ වෙතත්, එම චෝදනා රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි.

සයිබර් ආරක්ෂණ මෘදුකාංගයක් නිර්මාණය කරමින් සිටින මයික්‍රොසොෆ්ට් සමාගම පැවසුවේ, එන්නත් නිෂ්පාදනය කරමින් සිටින ඖෂධ සමාගම් 7කට සයිබර් ප්‍රහාර එල්ල කිරීමට උත්සහ දරා ඇති බවය.

කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, දකුණු කොරියාව සහ ඇමෙරිකාව යන රටවල පිහිටි එන්නත් නිෂ්පාදනය කරන ඖෂධ සමාගම් සයිබර් ප්‍රහාරයන්හි ඉලක්ක බවට පත්ව තිබිණි.

-BBC

Exit mobile version