Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මී උණ හිස ඔසවයි, අවධානය යොමු කරන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක්

මී උණ රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්, වසරේ ගතවූ කාලය තුළ රෝගීන් 1400ක්

මී උණ රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්, වසරේ ගතවූ කාලය තුළ රෝගීන් 1400ක්

මී උණ රෝගය හිස ඔසවා ඇති හෙයින් ඒ ගැන වැඩි අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී. පසුගිය වසරේදී මී උණ රෝගීන් 6,021ක් වාර්තා වී ඇති අතර මේ මාසයේ පළමු මාස 10 තුළ පමණක් රෝගීන් 6,877ක් වාර්තා වී ඇතැයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වසරේ වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවත් එම සංඛ්‍යාව 1,107ක් බවද ඔහු පැවසීය. පුරන් කුඹුරු අස්වැද්දීමට ජනතාව උනන්දුවී ඇති නමුත් එහිදී මී උණ රෝගය වැලඳීම වළක්වා ගැනීම සම්බන්ධව ලබා දී ඇති උපදෙස් නොපිළිපැදීම නිසා මේ තත්ත්වය හටගෙන ඇතැයිද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

එම නිසා රෝගය වළක්වා ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවද අමාත්‍යාංශ්‍ය පෙන්වා දෙයි.

Exit mobile version