Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනය අධිවේගී 6G තාක්ෂණයට අතගසයි

චීනය අධිවේගී 6G තාක්ෂණයට අත්ගසයි

චීනය අධිවේගී 6G තාක්ෂණයට අත්ගසයි

අධිවේගී 6G තාක්ෂණය මුල්වරට අත්හදා බැලීමේ අරමුණින් මහජන චීනය චන්ද්‍රිකාවක් කක්ෂ ගතකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙයට සමගාමීව තවත් චන්ද්‍රිකා 12ක් කක්ෂ ගතකර ඇත.

පසුගිය වසරේ, මෙම තාක්ෂණය සම්බන්ධව පර්යේෂණ පැවැත්වීමට සහ සංවර්ධනය කිරීමට චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් කාර්යාල දෙකක් ආරම්භ කර තිබිණි. ඉන් එක් කාර්යාලයක් නව තාක්ෂණය සම්බන්ධව ප්‍රතිපත්ති සැකසීමට පිහිටුවා තිබිණි.

6G තාක්ෂණයේ මූලික අරමුණ, අධිවේගීව පණිවිඩ හුවමාරු කර ගැනීමයි. ආපදා තත්ව සම්බන්ධ තොරතුරු කඩිනමින් ලබාගැනීම, වේගවත් තොරතුරු හුවමාරුව, කාලගුණික තොරතුරු අධිවේගීව ලබාගැනීම ආදිය සම්බන්ධව මෙම අත්හදාබැලීම් සිදුකිරීමට නියමිත ය.

මේ වනතෙක් ලොවපුරා අධිවේගී සන්නිවේදන කටයුතු සඳහා භාවිත කරමින් ඇත්තේ 4G තාක්ෂණයයි. මෙම අත්හදාබැලීම් සාර්ථකව අවසන් වුවහොත් අධිවේගී තාක්ෂණයේ නව පෙරලියක් සිදුවනු ඇත.

Exit mobile version