Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් පෙළ කඩඉම් ලකුණුවල දැවැන්ත අසාධාරණයක් – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

උසස් පෙළ කඩඉම් ලකුණුවල දැවැන්ත අසාධාරණයක් - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

උසස් පෙළ කඩඉම් ලකුණුවල දැවැන්ත අසාධාරණයක් - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

2019 දී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්, කඩඉම් පදනම මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේදී විශාල අසාධාරණයක් සිදුව තිබේ.

ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පියවර ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීිය ශිෂ්‍ය බලමණ්ඩලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හට අන්තර් විශ්වවිද්‍යාලයීිය ශිෂ්‍ය බලමණ්ඩලයේ සම්බන්ධීකාරක රත්කරවේ ජීවරත්න හිමි විසින් යවන ලද ලිපියක මේ බව සඳහන් කර තිබේ.

එම ලිපියේ තවදුරටත් සඳහන් වන්නේ:-

“පසුගිය 2019 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටී සිසුන් කඩඉම් ලකුණු පදනම් කරගෙන විශ්ව විද්‍යාල සඳහා තෝරා ගැනීමේදී විශාල අසාධාරණයක් සිදුව තිබේ. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන් උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබයි.

කෙසේ වෙතත්, රජයේ විශ්වවිද්‍යාලවල සීමිත බව නිසා දීර්ඝ කාලයක් තිස්සේ රජයේ විශ්ව විද්‍යාලවලට තෝරාගෙන ඇත්තේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි.

2019 දී උසස් පෙළ විභාගය සඳහා සිසුන් 181,000 ක් පමණ පෙනී සිටියද, විශ්ව විද්‍යාලවලට ඇතුළත් වූයේ සිසුන් 40,000 ක් පමණි. එබැවින් ඉතිරි සිසුන් 141,000 ට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව අහිමිවී ඇත.

මෙවර විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව දසදහසකින් වැඩි කර ඇති බව ඔබ පැවසුවද එය විශ්වාස කළ හැක්කක් නොවේ. ඒ මන්දයත් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඒ සඳහා වෙන් කර ඇති අරමුදල් ද ඇතුළුව සම්පත් ප්‍රමාණය වැඩි විය යුතුය. නමුත් 2020 සඳහා වෙන් කළ මුදලට වඩා 2021 සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 40 කින් අඩුය.

එබැවින් 2019 දී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතර කඩඉම් ලකුණු පදනම මත අසාධාරණයට ලක්වූ සිසුන්ට විසඳුම් ලබා දිය යුතුය. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.”

Exit mobile version