Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යාපනයේදී කඩ හිමිකරුවෙකුට පහරදී පැන ගිය මැර කල්ලියෙන් කෙනෙකු හමුදාවෙන් අල්ලයි

යාපනයේදී කඩ හිමිකරුවෙකුට පහරදී පැන ගිය මැර කල්ලියෙන් කෙනෙකු හමුදාවෙන් අල්ලයි

යාපනයේදී කඩ හිමිකරුවෙකුට පහරදී පැන ගිය මැර කල්ලියෙන් කෙනෙකු හමුදාවෙන් අල්ලයි

යාපනය, මානිපායි හි සිල්ලර කඩයකට මැර කල්ලියක් ඇතුළු වී ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින් එහි අයිතිකරුට පහරදී දේපල ද හානි කොට පලා ගොස් ඇත.

මෙය මානිපායි හන්දියට යාබදව පොන්නාලෛ මාර්ගයේ සිදුවී ඇත. යතුරුපැදිවලින් පැමිණි මැර පිරිස මෙම සිල්ලර කඩයට ඇතුළුවී බඩු කඩා බිඳදමා අයිතිකරුගේ බෙල්ලටද තුවාල සිදුකොට පලා යෑමට තැත් කළ අවස්ථාවේ දී එම ස්ථානයට යතුරුපැදිවලින් පැමිණි හමුදා සෙබලුන් විසින් මැරයන් අල්ලා ගැනීමට ක්‍රියා කොට ඇතත්, එහිදී එක් අයෙකු පමණක් අල්ලා ගැනීමට හැකි වී ඇති අතර අනෙක් අය පලා ගොස් ඇත. තවද මැර කල්ලිය පැමිණි යතුරුපැදියක්ද හමුදාභාරයට ගෙන ඇත.

සිද්ධිය සිදුවූ ස්ථානයට පැමැණි මානිපායි පොලිසිය, හමුදා සෙබලුන් විසින් අල්ලා ගත් අය අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර අනෙක් අයද අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශනයන් සිදුකරන බව පොලිසිය පවසා සිටී.

-වීරකේසරි

Exit mobile version