Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉදිරි දින 10ක පමණ කාලය තුළ කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම අඩු වනු ඇති, සති 6-8 අතර කාලයකදී කොරෝනා මර්දනය කළ හැකියි – සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

පාසල් ආරම්භ කිරීමට සුුදුසු වාතාවරණයක් සකස් වී නොමැති නිසා පාසල් ආරම්භ කිරීම සුදුසු නැහැ – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

පාසල් ආරම්භ කිරීමට සුුදුසු වාතාවරණයක් සකස් වී නොමැති නිසා පාසල් ආරම්භ කිරීම සුදුසු නැහැ – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

ඉදිරි දින 10ක පමණ කාලය තුළ කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම අඩු වනු ඇති බවත් තවත් සති හයක් අටක් වැනි කාලයක් තුළ මේ පොකුර සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට හැකි වනු ඇති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත කරුණු දක්වමින් පෙරේදා (03) පැවසීය.

මේ වන විට සිය ගණනින් රෝගීන් දක්නට ලැබුණත් දැනට පෙනෙන්නට ඇති තත්ත්වය අනුව මේ ප්‍රමාණය අඩු විය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මේ කාලය තුළ වෛරසය ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා උපරිම ධෛර්යයෙන් සහාය ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රෝගීන් හඹා යමින් ඔවුන් හඳුනා ගැනීම අඛණ්ඩව සිදු කෙරෙන බව පවසන ඒ මහතා මේ වන විට එම ප්‍රත්කාර කටයුතු සඳහා රෝහල් 49ක් දක්වා වැඩි කර තිබෙන බවත් කියා සිටියේය.

කොවිඩ් 19 රෝගීන් සඳහා ඇඳන් 7480ක් ස්ථාපිත කර ඇති බවත් මේ වන විටත් ඇදන් 1100ක් පමණ අතිරික්තයක් පවතින බවත් හේරත් මහතා කියා සිටියේය. රෝගීන් හඹා ගොස් හඳුනා ගැනීමේදී නොසිතු ප්‍රදේශවලින් නොසිතු කණ්ඩායම් අතුරින් රෝගීන් හමුවෙමින් තිබෙන අතර එය වැඩි වුවහොත් පවතින තත්ත්වයට වඩා එය භයානක වීමට ද ඉඩ තිබිය හැකි බවද හෙතෙම පැවසූ අතර දැනට පවතින තත්ත්වය අනුව කරගෙන යනු ලබන පාලනය මේ ආකාරයෙන්ම කරගෙන ගිය හොත් ඉදිරි සති හයක් අටක් අතර කාලය තුළ මෙම කොවිඩ් 19 පොකුර අවසන් කරගත හැකිවනු ඇති බවත් කියා සිටියේය.

එමෙන්ම රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම වගකීමෙන් නිදහස් වී ජනතාව මත එම වගකීම පටවන්නේ නැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස වගකීම නොපිරිහෙළා ඉටුකරමින් සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටි අතර ඒ සඳහා විවිධ මාධ්‍ය යොදාගෙන විවිධ පුද්ගලයන් හරහා විවිධ අකාරයෙන් දවසේ පැය 24 පුරා මේ පණිවිඩය ජනතාවට ලබා දෙමින් සිටින හෙයින් එය විහිළුවට ලක්කිරීමෙන් වාසියක් ඇති නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

Exit mobile version