Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තුර්කි භූ කම්පනයෙන් පැය 91කට පසු හමු වූ දැරිය

තුර්කි භූ කම්පනයෙන් පැය 91කට පසු හමු වූ දැරිය

තුර්කි භූ කම්පනයෙන් පැය 91කට පසු හමු වූ දැරිය

පසුගියදා තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ සිදුවු භූ කම්පනය නිසා කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන්වලට යටවී සිටි දෙහැවිරිදි දැරියක්ව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබේ.

ඇයව බේරාගෙන ඇත්තේ භූ චලනය සිදුවී පැය 91කට පසුවය.

තුර්කි භූ කම්පනයෙන් පැය 91කට පසු හමු වූ දැරිය

අයිද්යා ගෙස්ගින් නම් එම දැරිය “ඉතා ශක්තිමත් පිඟන් සේදීමට යොදාගන්නා උපකරණයක්” ආසන්නයේ සිරවී සිටියදී බේරාගෙන ඇති බව සඳහන් වේ.

සහන කණ්ඩායම් විසින් ඇයව ගිලන් රථයක් වෙත රැගෙන යන අවස්ථාවේදී “මට මගේ අම්මා ඕනේ” යනුවෙන් ඇය හඬා තිබුණාය.

නමුත් දැරිවිය බේරාගෙන පැය කිහිපයකට පසු ඇයගේ මවගේ මළ සිරුර සහන කණ්ඩායමකට හමුවී තිබේ.

පසුගිය සිකුරාදා සිදුවූ භූ කම්පනයෙන් තුර්කියේ 105 දෙනෙක් මියගොස් 1,027 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. එම භූ කම්පනය රික්තර් මාපකයේ 7.0 ලෙස දැක්විණි.

Exit mobile version