Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහින්ද දේශප්‍රිය මහතා ගෙදර යන්න සූදානම් වෙයි

දැන් ඒ මැතිවරණය ඉවරයි; ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණයි - මහින්ද දේශප්‍රිය

දැන් ඒ මැතිවරණය ඉවරයි; ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණයි - මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමෙන් සහ රාජ්‍ය සේවයෙන් සමු ගැනීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. ඔහු මේ වනවිට මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පිහිටි ඔහුගේ කාර්යාල කාමරයේ පෞද්ගලික භාණ්ඩ අස්පස් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස ඔහුගේ ධුර කාලය නොවැම්බර් අගදී අවසන් වීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් 19 වැනි සංශෝධනය අහෝසි වී ඒ වෙනුවට සම්මත වූ 20 වැනි සංශෝධනය මේ බනවිට බලාත්මක වී ඇති අතර එම සංශෝධනයට අනුව පැවති මැතිවරණ කොමිෂන් සභාව ද අහෝසි වී තිබේ. ඒ වෙනුවට සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත නව කොමිෂන් සභාවක් පත් කිරීමට නියමිතය.

මහින්ද ‍දේශප්‍රිය මහතාගේ රාජ්‍ය සේවා කාලය වසර 37ක් පමණ වන අතර 2011 වසරේදී ඔහු මෙරට අටවැනි මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් පත් විය. ඉන්පසු 2015 නොවැම්බර් මාසයේදී මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කිරීමත් සමග එහි පළමු සභාපතිවරයා ලෙස පත් වූයේ මහින්ද දේශප්‍රිය මහතායි.

20 වැනි සංශෝධනය යටතේ පිහිටුවන නව මැතිවරණ කොමි‍සමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වී ඇති නමුත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස දේශප්‍රිය මහතා බහුතරයකගේ ප්‍රසාදය දිනාගත් අතර ඔහු සැළකුනේ ජනතාවට අතිශය සමීප හා සුහද රාජ්‍ය සේවකයෙකු ලෙසයි.

Exit mobile version