Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) තල්මසුන් පානදුර වෙරළට ආවේ පාර වැරදිලා ද?

පානදුර වෙරළට ගොඩගැසූ ඩොල්ෆින් මත්ස්‍යයින්

පානදුර වෙරළට ගොඩගැසූ ඩොල්ෆින් මත්ස්‍යයින්

පානදුර වෙරළට පැමිණි තල්මසුන් අතරින් එක් සත්ත්වයෙකු මියගොස් තිබේ. තවත් තල්මසෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින අයුරු දක්නට ලැබුණු බව පරිසරවේදී නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවයට කියා සිටියේය. තල්මසුන් සියයක පමණ සංඛ්‍යාවක් නොවැම්බර් 02 දින පානදුර වෙරළට පැමිණ තිබුණි.

ප්‍රදේශවාසීන්, පොලීසිය, පරිසරවේදීන්, ජීවිතාරක්ෂක කණ්ඩායම් හා අදාළ බලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව එම තල්මසුන් යළි දියඹට යොමු කරන ලදී.

කිලෝමීටර් තුනක් පමණ දුරට රැගෙන ගොස් නිදහස් කළ ද තල්මසුන් කිහිපදෙනෙකු අවස්ථා ගණනාවකදී යළි වෙරළට පැමිණ තිබුණි.

එබැවින් එලෙස නිතර වෙරළට පැමිණි තල්මසුන් දෙදෙනෙකු 10Km පමණ දුරක් රැගෙන ගොස් මුදාහැර ඇත.

කොරෝනා තත්ත්වය සහ ඇඳිරි නීතිය නොතකා බොහෝ දෙනෙකු මෙම මෙහෙයුමට දායක වූ අතර තල්මසුන් රැසකගේ දිවි බේරා ගැනීමට හැකිවීම ගැන ඔවුහු සතුට පළ කළහ.

පානදුර වෙරළට ගොඩගැසූ ඩොල්ෆින් මත්ස්‍යයින්

-BBC-

Exit mobile version