Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

20 ට පක්ෂ වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී 9 දෙනා පක්ෂයෙන් නෙරපයි

20 ට පක්ෂ වූ SJB මන්ත්‍රී 9 දෙනා පක්ෂයෙන් නෙරපයි – කථානායකට ලිපියක්

20 ට පක්ෂ වූ SJB මන්ත්‍රී 9 දෙනා පක්ෂයෙන් නෙරපයි – කථානායකට ලිපියක්

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු එම පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමෙන් නෙරපා හැරිය බවට දැක්වෙන ලිපියක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා.

පසුගියදා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ උප ලේකම් ඩයනා ගමගේ මහත්මිය සහ සෙසු මන්ත්‍රීවරුන් 8දෙනායි මෙලෙස නෙරපා හැර ඇත්තේ.

ඒ අනුව අදාල මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙසයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයගෙන් ඉල්ලා ඇත්තේ.

ඩයනා ගමගේ මහත්මිය සහ අරවින්ද් කුමාර්,ඉෂාක් රහුමාන්,ෆයිසාල් කාසිම්, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, නසීර් අහමඩ්, ඒ ඒ එස් එම් රහීම් යන මහත්වරුන් සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපා හැර ඇති පිරිස වනවා.

Exit mobile version