Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලා අණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේන් පෙත්සමක්

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලා අණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේන් පෙත්සමක්

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලා අණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේන් පෙත්සමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දී නිදහස් කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා තිබෙනවා.

ඔක්තෝම්බර් 20 වන අඟහරුවාදා පැවති පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ කාර්ය මණ්ඩලය විසින් මන්ත්‍රීවරුන්ගේ අත්සන් සඳහා එම පෙත්සම ඉදිරිපත් කර ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ ප්‍රධානත්වය දරා ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසිනි.

කෙසේ වෙතත් එම පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ නිලධාරීන් විසින් එම පෙත්සම අත්සන් සඳහා ඉදිරිපත් කිරීමත්, පැමිණ සිටි මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ එම පෙත්සමට අත්සන් කිරීමත් සිදු වූ බැවින් දුමින්ද සිල්වා නිදහස් කිරීමේ උත්සාහයට ප්‍රබල ආශිර්වාදයක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඇති බවයි.

ඒ අනුව, අදාළ පෙත්සම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් වූ පසු එය සළකා බලා දුමින්ද සිල්වාට සමාව දීමට වැඩි අවස්ථාවක් පවතින බව ද එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර 20 වන සංශෝධනය පිළිබඳ විවාදයේ දී අමාත්‍ය විමල් වීරවංශ පෙන්වා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ රන්ජන් රාමනායක විනිසුරුවරුන් ද සම්බන්ධ කරගනිමින් දුමින්ද සිල්වා වැරදිකරු කිරීමට කටයුතු කළ බවයි. එහිදී විනිසුරුවරියට උසස්වීම් ලබා දීමට ජනාධිපතිවරයා සම්බන්ධ කර දීම පවා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇති බව හඬපටවලින් තහවුරු වී ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ පෙන්වා දුන්නා.

එලෙස උසස්වීමක් ලබා දීමට සැරසුනේ මහාධිකරණයේ දී දුමින්ද සිල්වා වැරදිකරු බවට තීරණය කළ විනිසුරුවරුන් දෙදෙනාගෙන් එක් අයෙකුට බව පෙන්වා දුන් ඇමතිවරයා කියා සිටියේ විනිසුරුවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු දුමින්ද සිල්වා වැරදිකරු නොවන බවට තීරණය කර තිබූ අතර පද්මිනී රණවකගේ තීරණය වෙනස් වූවා නම් දුමින්ද සිල්වාට ලැබෙන තීරණය වෙනස්වනු ඇති බවයි.

කෙසේ වෙතත් දුමින්ද සිල්වාට හිමි වූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ද තහවුරු කර තිබේ. ඒ අනුව ඔහු නිදහස් කළ හැක්කේ ජනාධිපති සමාවක් මගින් පමණයි.
-rivira-

Exit mobile version